ජවිපෙ මැයි පෙළපාළිය සහ රැලිය අවලංගුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 28, 2019

ජවිපෙ මැයි පෙළපාළිය සහ රැලිය අවලංගුයි

ජවිපෙ මැයි පෙළපාළිය සහ රැලිය අවලංගුයි

21වැනිදා ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයක් බව ඉතාම පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙසත් රටට, ජනතාවට වගකිවයුතු ආකාරයෙන් කටයුතු කරනු වෙනුවට ඔවුන් බලය ලබාගත්  දා සිට ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පමණක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණයක් අරගෙන තිබෙන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා,

"ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තු අපේක‍ෂකයෙකු ලෙස සිටි ඊබ්‍රාහිම් නැමති පුද්ගලයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ලැයිස්තුවකට පුද්ගලයින් ඇතුළත් කිරීමේදී එහි පරමාර්ථය වන්නේ විවිධ වෘත්තීන්, විවිධ ජාතිකත්වයන් නියෝජනය කිරීම සඳහා පක‍ෂයේ සාමාජිකයින් නොවන පුද්ගලයින්ට අවස්ථාව ලබාදීමයි.  අපේ රටේ කීර්තිමත්ම රාජ්‍ය නිලධාරියෙක් වන සරත් මායාදුන්නේ මහතා ඒ ආකාරයෙන්ම අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයෙක්. ඔහු ජවිපෙ සාමාජිකයෙක් හෝ කි්‍රයාකාරිකයෙක් නොවෙයි.  වර්තමානයේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් අපේ ජාතික ලැයිස්තු අපේක‍ෂකයෙක් වෙලා තිඛෙනවා. ඒ අකාරයටම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ දේශබන්ධු, දේශකීර්ති සහ හොඳම ව්‍යාපාරික සම්මානයෙන් පිදුම් ලැබූවකු ලෙස ඊබ්‍රහීම් නැමති පුද්ගලයා අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. ඔහු මහින්ද රාජපක‍ෂ මහතාගෙන් ජී.ඇල්. පීරිස් මහතාගෙන්, සුජීව සේනසිංහ මහතාගෙන් සම්මාන ලබාගෙන තිබෙනවා."

"ඒ නිසා මුස්ලිම් සමාජය නියෝජනය කරමින් අපි අපේක‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කළා. 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු සෘජුව සම්බන්ධ බව තහවුරු වෙලා තිබෙනවා. එම නිසා ඔහු පොලිස් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් කළ යුත්තේ මෙම ම්ලේ්ච්ඡ ප්‍රහාරයට, මෙම අන්තවාදීන්ට ඔහුගේ දායකත්වය තිබෙනවාද යන්න පරීක‍ෂණ කොට තිබේ නම් ඒ වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමයි.  ඔහු ආරක‍ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු වුවමනාවක් නැහැ. මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනාටම ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අපි ඉල්ලනවා. ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ මතවාදය මුළුමනින්ම පරාජයට පත්කළ යුතුයි" යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad