"කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ - චෝදනා තියෙන්න ඕනෙ" - මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 28, 2019

"කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ - චෝදනා තියෙන්න ඕනෙ" - මංගල

පාස්කු ඉරිදා පිපිරීම්වලට සම්බන්ධ ප්‍රභූන් ලෙස සිටි අය වත්මන් රජයේ ඇමතිවරු සමග පමණක් නොව, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සමගද ඡායාරූප ගෙන ඇති බවත්, එසේ ඡායාරූපවල සිටියා යැයි කියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වත්මන් ආර්ථික හා දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී, පාස්කු ඉරිදා පිපිරීම්වලට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියැවෙන බවත්, මෙතෙක් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යනුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී හෙතෙම මෙසේ පිළිවදන් දුන්නේය.

"කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ. චෝදනා තියෙන්න ඕනෙ. අනික මේ ක්‍රියාවලට සම්බන්ධ ඇතැම් අය ප්‍රභූන් විදියට හිටපු අය. අපේ රජයේ ඇමැතිවරු එක්ක විතරක් නෙවෙයි, ඔවුන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා එක්කත් ඡායාරූප අරන් තියෙනවා. එහෙම ඡායාරූපවල ඉන්න තරමට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් මේක ෆැසිස්ට් රාජ්‍යයක් වෙනවා. ඒ නිසා ඇතැම් ඇමැතිවරුන් ඉල්ලක කරගෙන ඔවුන් මුස්ලිම් වූ පළියට පහර දෙන්න එපා."

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාම මෙම චෝදනාව කරන බව මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා සිටියේ,

" මම හිතන්නේ නැහැ එතුමා ඒවාගේ ප්‍රකාශයක් කරයි කියලා. නමුත් එතුමා වුණත් මම කියන්නේ මෙහෙම චෝදනාවක් තියෙනනවා නම් නීතියට අනුව කටයුතු කළා නං හරි.  මේ රටේ නීතිය කාටත් එකයි." යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad