සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්නයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 28, 2019

සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්නයි ඉල්ලීමක්

සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්නයි ඉල්ලීමක්

රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැටීමට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහයට වාර්තා වී ඇතැයි ඔවුහු පවසති.

ඒසේම පසුගිය වසරේ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවූ බව එම වසරේදී ඇමරිකානු තානාපති කාර්යාලය මගින් දැනුම් දුන් බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මින් පෙර අවස්තාවන් වලදී රජයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වුවද රජය ඒ පිළිබඳව  කිසිදු තැකීමක් සිදු නොකළ බව ඔවුහු පවසති.

සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන ලෙස ඔවුහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad