
ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සිය බලය රැක ගැනීම වෙනුවෙන් දේශපාලනඥයින් විසින් පවත්වනු ලැබූ බිලි පූජාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
පසුගියදා රැස් වු විශේෂ කාරක සභාව අවස්ථාවේදි ද මෙම ගැළුව සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් නොගත් බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
එමෙන්ම රට තුල පවතින සියළුම ආන්තවාදී සංවිධාන තහනම් කිරීමටවත් කිසිඳු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් වගකිව යුතු නොවනබවත් ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස් විය යුත්තේ ජනාධිපතිවරයාත් ඇගමැතිවරයාත් සහ කැබිනට් මණ්ඩලයත් බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
No comments:
Post a Comment