මස්කෙලියේ පල්ලියක තිබී පිහි 49 ක් පොලිස් බාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

මස්කෙලියේ පල්ලියක තිබී පිහි 49 ක් පොලිස් බාරයට

මස්කෙලියේ පල්ලියක තිබී පිහි 49 ක් පොලිස් බාරයට

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදෑසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරයට ගෙන ඇත.

මේ දිනවල දිවයින පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදෑසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරය සෝදිසි කර ඇත.

එහිදි පිහි 49සහ පොරො තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad