ජනපතිගේ වැඩ නීතියෙන් අභියෝග කරගන්න බෑලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

ජනපතිගේ වැඩ නීතියෙන් අභියෝග කරගන්න බෑලු


පාර්ලිමේන්තු සැසි වාරය ලබන 16 වැනි දිනට කල් තබමින් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා ගැසට් නිවේදනයක් මගින් නිකුත්  කළ විධානය අවලංගු කරන නියෝගයන් නිකුත් කරන ලෙස
ඉල්ලා නීතිඥ නාගනන්ද 

කොඩිතුවක්කු මහතා විසින් පසුගිය 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිවී මූලික විරෝධතා ගොනු කරන බව  නීතිපතිවරයා ඊයේ (05 දා)  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේන්දනය නිකුත් කර ඇත්තේ  ජනපතිවරයාට ශ්‍රී ලංකා ආ.ක්‍ර. ව්‍යවස්ථාවේ (70) වැනි ව්‍යවස්ථාවේ අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නාය. ජනාධිපතිවරයා විසින් ඉටු කරන ලද  නිල කටයුත්තකට එරෙහිව එවැනි නීතිමය  ක්‍රියාමාර්ගයක් ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය රිතීන්වලට පටහැනි බවත් එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නීතිපතිවරයාගේ විරෝධතා ඉදිරියේදී අධිකරණයට ලිඛිතව කරුණු ගොනු කිරීමට පියවර ගන්නා බව ද පෙන්වා දුන්නාය.  එම පෙත්සම සලකා බැලීම සඳහා මෝසමක් ඉදිරිපත් කර දින ලබා ගන්නා ලෙසට අග විනිසුරු නලින් පෙරේරා, විජිත් වලගොඩ හා සිසිර ආබෘෘ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර නීතිඥවරයාට එහිදී නියෝග කළේය.

-නිශාන්ති රාමනායක-

No comments:

Post a Comment

Post Bottom Ad