ලොව දෙවැනි විශාලතම ඇන්ටනොව් ගුවන්යානය නැවත මත්තලට ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

ලොව දෙවැනි විශාලතම ඇන්ටනොව් ගුවන්යානය නැවත මත්තලට ඇවිත්


ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොව් AN 124 ගුවන් යානය ඊයේ (O5දා) පස්වරු 01.50ට මත්තල ගුවන්තොටුපොළතුළට ගොඩබස්වන ලදී. ඒ අනුව මෙම ගුවන්යානය මේ වසරේ පමණක් අට වතාවක් මත්තලට ගොඩබසවා තිබේ. පකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළේ සිට
ජකර්තා දක්වා යාත්‍රා

කරමින් සිටින අතරතුර මෙම ගුවන්යානය ඊයේ (05දා) මෙසේ මත්තලට ගොඩබස්වා තිබේ.

මෙසේ මත්තල ගුවන්තොටුපොළ තුළ මෙම ගුවන්යානය ගොඩබැස්වීම සඳහා ඩොලර් 18ළ නවතා තැබීම වෙනුවෙන්  ඩොලර් 470ක් හා ශ්‍රීලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000ක මුදලක්ද ගුවන්තොටුපොළ වෙත ගෙන්වා තිබේ. ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ අනුඅටකට සරිලන ඉන්ධන ලීටර් 83,586ක් ලබා තිබේ. එමෙන්ම අද (06දා) අලුයම 03ට නැවත ජකර්තා බලා මෙම ගුවන්යානය පිටත්වීමට නියමිතය.


-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි-

No comments:

Post a Comment

Post Bottom Ad