‘කථානායක පක්ෂග්‍රාහී නම් අදම විශ්වාසභංගයක් ගේන්න’ – අනුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

‘කථානායක පක්ෂග්‍රාහී නම් අදම විශ්වාසභංගයක් ගේන්න’ – අනුර


කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නම් ඔහුට එරෙහිව අදම (19දා) විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියයි.

මාධ්‍ය හමුවලදී හෝ විවිධ ස්ථානවල කථානායකවරයා අපක්ෂපාතී නොවන පුද්ගලයකු යැයි පැවැසීමෙන් ඵලක් නොවන හෙයින් එම චෝදනාව ඔප්පු කිරීමට නම් මේ මොහොතේ කළ යුතු වන්නේ ඔහුට එරෙහිව විශ්වාංසභංග යෝජනාවක් ගෙන ඒම පමණක් යැයිද ජවිපෙ නායකයා කීය.


පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඔහුගේ ධුරයට අනුව කටයුතු නොකරන්නේ නම් හෝ පක්ෂග්‍රාහී වන්නේ නම් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශද ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බව ඔහු කියා සිටියේය.

ජවිපෙ නායකයා එබව කියා සිටියේ, වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හා පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමිනි.

වීරකැටිය කසාගල රජමහා විහාරස්‌ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසුයේ, පාර්ලිමේන්තුව නොසන්සුන් කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා වගකිව යුතු බවයි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සිදුවූ කලබල තමා කිසිඳු ලෙසකින් අනුමත නොකරන බවද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad