සජිත් - රංගෙ මැදිහත් වී පාරමීට නව නිවාස දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

සජිත් - රංගෙ මැදිහත් වී පාරමීට නව නිවාස දෙකක්

ආර්ජන්ටිනාවේ පැවැති තුන්වෙනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගනිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට
නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම පහසුකමට අමතරව  ඇය දැනට ජීවත් වන  හලාවත, ඉරණවිල

පිහිටි නිවස දින 10ක් ඇතුළත රජයේ වියදමින් අලුත්වැඩියා කර දීමටද රජය තීරණය කර තිබේ.

එමෙන්ම ලබන 30 වැනිදා  කරුවලගස්වැව නිවාස  ව්‍යාපෘතිය විවෘත කිරීමේ  උත්සවයේදී ඇයට නව නිවසක් භාරදීමට කටයුතු කරන බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටිස්ය.  මේ පණිවුඩය රැගෙන වාර්මාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (21දා) ඇය පදිචි ඉරණවිල නිවසට පැමිණි අතර, මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරීයේ  පුත්තලම දිස්ත්‍රික්කයේ  නිලධාරීහුද එක්ව සිටියහ.

දෙමවුපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.  ඒ සදහා අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad