වයස 70ට වැඩි සිරකරුවන්ට නිදහස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

වයස 70ට වැඩි සිරකරුවන්ට නිදහස


දීර්ඝ කාලීනව සිරගතව සිටින අවුරුදු 70ට වැඩි වයෝවෘද්ධ සිරකරුවන්ට නිදහස ලබාදීමේ වැඩපිළිවෙළක්
ආරම්භ කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනී මැරුම් වැනි බරපතළ චෝදනාවන්ට සම්බන්ධ වී නොමැති සිරගත කාලය තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගත කළ දීර්ඝ කාලීන සිරදඩුවම් විඳමින් සිටින සිරකරුවන්ට එසේ නිදහස හිමිවීමට නියමිතය. අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ

අදහසට අනුව මෙකී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේ නිදහස් කර හැරීමට සුදුසු සිරකරුවන් කවුරුද කියා හඳුනා ගැනීම සඳහා අමාත්‍යාංශය මඟින් කමිටුවක්ද පත් කර තිබේ. තමන් වයෝවෘද්ධ තත්ත්වයෙන් සිටින බැවින් තමන්ට නිදහස වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එකී සිරකරුවන් අමාත්‍යවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අවධානය යොමු කරමින් එකී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරීයේදී ගැනීමට නියමිතව ඇති බවද දැන ගැනීමට තිබේ. අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්ධුල ජයසිංහ මහතා කියා සිටියේ මරණීය දණ්ඩනයට ලක්වුවන්ට මෙකී නිදහස නොලැබෙන බවත් ඉහත කී වයස් කාණ්ඩයට අයත් සිරකරුවන්ට නිදහස දීමෙන් බන්ධනාගාර තදබදයද අවම වන බවත්ය.

-කුමුදු උපුල් ශාන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad