හතුරුසිංහ, තේරීම් කමිටුව මට අස්වෙන්නැයි බලකලා.. කුණු බැණුම් බනිමින් මැතිවුස් ඉල්ලා අස්වූ ලිපිය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 24, 2018

හතුරුසිංහ, තේරීම් කමිටුව මට අස්වෙන්නැයි බලකලා.. කුණු බැණුම් බනිමින් මැතිවුස් ඉල්ලා අස්වූ ලිපිය මෙන්න..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හා තේරීම් කමිටුව විසින් තමනට නායකත්වයෙන් ඉල්ලා අස්වන්වන්නැයි දැනුම් දීම අනුව තමන් ඉන් ඉල්ලා අස්වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නාටයක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

ඔවුන් සමග පැවැති රැස්වීමේදී නායකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි පැවසීමෙන් තමන් මවිතයට පත් වූ බවද ඔහු කියා සිටී. කණ්ඩායමේ සෑම තීරණයක්ම පුහුණුකරු හා තෙරීම් කමිටුව සමග එක්ව ගනු ලැබූවත් පරාජයේ සම්පූර්ණ වගකීම තමන්ට පැවරීම පිලිගත නොහැකි බවත් ඔහු සදහන් කරයි.

මේ බව සදහන් වන්නේ මැතිවුස් විසින් සිය ඉල්ලා අස්වීම දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාට යොමු කරන ලද ලිපියේය. තමන් පරාජයේ කොටස්කරුවෙකු බව පිලිගන්නා නමුත් සම්පූර්ණ පරාජය තමන්ගේ වගකීමක් නොවන බවත් මැතිවුස් කියා සිටී. තමන් නුසුදුස්සෙක් වන්නේ නම් ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙන් විශ‍්‍රාම ගැනීමට වුවද සූදානම් යයි එම ලිපියේ වැඩි දුරටත් දැක්වෙයි.




No comments:

Post a Comment

Post Bottom Ad