ගෝටාභයට විශේෂ ආරක්‍ෂාවක් උවමනා නෑ.. ඔහු රටට වැඩක් නොකරන සාමාන්‍ය කෙනෙක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 24, 2018

ගෝටාභයට විශේෂ ආරක්‍ෂාවක් උවමනා නෑ.. ඔහු රටට වැඩක් නොකරන සාමාන්‍ය කෙනෙක්..

ආරක්ෂාවක් ලබා දෙන්න තරම් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුස්සෙක් නොවන බවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ  (22) වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පිහිටි අලිවැට ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට  අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍ය වරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ,

‘ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා මම දැක්ක පසුගිය දවසක එතුමා පෙලපාලි යනකොට එතුමා ලග එස්.ටී.එෆ්. එක හිටියා සමහර විට හමුදාව අයින් කරලා පොලිස් ආරක්ෂාව දුන්නද කියල මම හරියට දන්නැහැ නමුත් එතුමාට ආරක්ෂාවක් තියනවා.

නමුත් යුද්දේ තියන කාලේ වගේ නෙමෙයි අපිත් ඒ කාලේ 500 ක් විතර වටකරගෙන හිටියා දැන් රටේ තියන තත්වය අනුව එහෙම අවශ්‍ය නැහැනේ එතුමා දැන් නිකම්ම නිකන් පුරවැසියෙක්නේ අනිත් එක රජයේ වගකීමක් හෝ ජනතාව වෙනුවෙන් කිසිම වගකීමක් දරන්නැහැ ජනාධිපතිට හරි අගමැති තුමන්ට හරි රජයේ අමාත්‍යවරයෙකුට හරි තියෙන ආරක්ෂාව සැපයීමට එතුමට සුදුසුකමකුත් නැහැ එතුමා හිටපු ලේකම් කෙනෙක් මේ රටේ අනිත් ලේකම්ලටනම් විශ්‍රාම ගියහම ආරක්ෂාවක් දෙන්නෙත් නැහැ මම දන්න හැටියටනම්.

මරණ තර්ජන තියන මිනිස්සු මේ රටේ කොයි තරම් ඉන්නවද මේ ගම්වලත් ඉන්නවා එහෙනම් මේ හැමෝටම වෙඩි නොවදින රථ දෙන්න වෙනවා රටේම තියන සල්ලි මදි වෙයි එහෙම දෙන්න ගියොත් එතුමට භයනම් තියෙන්නේ අතුමට පුරවැසිකම තියනවනේ ඇමරිකාවේ මරණ භයක් තියනවනම් රට දාලා ගියහම ඉවරයි එහෙ ගියොත් ක්ලාක් කෙනෙක්වත් එතුමට හම්බ වෙන්නැහැ.

එමෙන්ම පොලිස්පතිතුමන්ගේ ගැටලුව පිළිබඳ විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,

‘පොලිස්පතිතුමාටත් තියෙන්නේ එකම නීතියනේ රටේ නීතියට අනුව පොලිස්පති තුමා වරදක් කරල තියනවද නැද්ද කියල සොයල බලන්න සාධාරණ පරික්ෂණයක් කල යුතුයි . යනුවෙනි.

මේ අතර ත්‍රස්ත විරෝධි පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් විමීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ලෝකයේ දියුණු රටවල මෙන්ම සියලු දේ අධ්‍යන කරල අපි රජයක් විදිහට ඒ පනතේ සමහර දේ වෙනස් කරන්න තීරණය කරල තියනවා එහෙම නැතුව ඔක්කම වහලා කුරුටුගාල දාලා ජනතාවටයි නීති කඩන මිනිස්සුන්ටයි නිදැල්ලේ ඉන්න රටක් නිර්මාණය කරල වැඩක් නැහැ රටේ ජාතික ආරක්ෂාවට පළමු තැන දීලා ඒ රාමුව තුල සිට යම් යම් වෙනස්කම් කරන්න පුලුවන් එහෙම නැතිව දේශපාලන වාසි වෙනුවෙන් කව්රුත් කියන විදිහට පොත් වහල දාන්න පුලුවන්කමක් නැහැ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad