සොත්ති උපාලිගේ පුතා කුඩු සමග හසුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 2, 2018

සොත්ති උපාලිගේ පුතා කුඩු සමග හසුවේ

https://www.gossiplankanews.com/2018/08/soththi-upali-son-remanded.html
ත්කුඩු ජාවාරම ගැන දැඩිලෙසම නීති ක්‍රියාත්මක වුවද පාතාල නායකයින් මරාදැමීමට ලක්වුවද ඔවුන්ගේ අලගිය වැලගිය ඥාතීන් සියල්ලන් තවමත් මත්කුඩු සංස්කෘතියෙන් ඉවත්ව නොගිය බව නිතර වාර්තාවන පුවත් වලින් කියැවේ.
මින් ඉහත වෙලේ සුදාගේ පෙම්වතිය සහෝදරිය හා නැන්දම්මා පවා මත්කුඩු ජාවාරමුන් ලෙස
අවස්ථා කිහිපයකදී කොටුවිය.පහත වාර්තාව අනුව පෙනී යන්නේ කාලයක් පාතාල රජු ලෙස වැජඹුණ සොත්ති උපාලිගේ පුතා මෙන්ම සහෝදරියද මත් කුඩු ජාවාරම වෘත්තිය ලෙස කරගෙන ආ බවයි.

1998දී ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලිගේ බාල පුතු රුපියල් ලක්ෂයකට

ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් සමග මොරගහහේන නිවසක දී ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
මත් කුඩු  ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හාරසියයක් පොලිසිය බාරයට ගෙන ඇත.

කෝරළඉම ප්‍රදේශයේ නිවසක ගිනි අවි සගවා තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව පොලිස් පරික්ෂේක මහේන්ද්‍ර පෙරේරා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් නිවස වටලා සිදු කළ සෝදිසියක දී මෙම කුඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසිය.

නාරාහේන්පිට ප්‍රදේශයේ සිට මිට වසර හයකට පමණ ඉහත දී නිවසක් මිලට ගෙන පැමිණ තිබු සොත්ති උපාලිගේ පුතු වන සැකකරු විදේශගතව පැමිණ මුදල් පොලියට ලබා දෙන පුද්ගලයකු බව අසල්වැසියන්ට හගවමින් මේ කුඩු ජාවාරම් රහසිගතව සිදු කරගෙන ගොස් ඇත.
සැකකරුගේ සහෝදරියක් මීට මාස කිහිපයකට ඉහත දී හෙරොයින් මත්කුඩු සමග බණ්ඩාරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad