පඹයකු යොදවා එල්ලුම් ගහ අත්හදා බලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

පඹයකු යොදවා එල්ලුම් ගහ අත්හදා බලයි


එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට පෙර එහි ක්‍රියාකාරී තත්ත්වය සොයා බැලීම සඳහා පඹයකු (ඩමියක්‌) යොදවා අත්හදා බැලීමක්‌ කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා  ඊයේ (16 වැනිදා) පැවසීය.
එල්ලුම් ගහ දැනටමත් අලුත්වැඩියා කර ඇති බව පැවසූ

ධනසිංහ මහතා අලුගෝසුවකු බඳවා ගැනීමෙන් පසු එල්ලුම් ගහේ පාලන කටයුතු ඔහුට පවරන බවද කියා සිටියේය.

මනුෂ්‍යයකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදාගෙන එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අත්හදාබැලීමේ කටයුත්ත ඉදිරි දින කීපයේදී සිදු කිරීමට නියමිතය. මේ අතර අලුගෝසු තනතුර සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක්‌ නොමැති බවද නිශාන් ධනසිංහ මහතා වැඩිදුරටත් කීය.


නෝමන් පළිහවඩන


No comments:

Post a Comment

Post Bottom Ad