මරා දැමු දිවියා ආරක්ෂක අංශ ඇති දැඩි කළ එකකුදැයි සැකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

මරා දැමු දිවියා ආරක්ෂක අංශ ඇති දැඩි කළ එකකුදැයි සැකයක්

කිලිනොච්චියේ, අම්බාල්කුලම් ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් පහරදී මරා දමන ලද දිවියා ගැන සිදු කෙරෙන පරීක්ෂණ වලදී ඌ කැලයෙන් ගම්මානයට පැමිණි පැමිණි සතෙකු නොවන බව වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථවී තිබෙන අතර ආරක්‍ෂක අංශ විසින් ඇති දැඩි කළ දිවියකු බවට දැන් සැකයක්ද පහළ වී තිබේ.

එම දිවියා අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදීමට පෙර පුද්ගලයන් දෙදෙනකු පැමිණ ' මේ පැත්තට සතෙක් එහෙම ආවේ නැදැයි විමසා සිටීමක් ගැනද ගම්වැසියෝ කියා සිටිති.
පැමිණි දෙදෙනා ආරක්ෂක අංශයට සම්බන්ධ අය වූ අතර සතා කුමන වර්ගයකට අයත්දැයි නොපැවසූ බව මෙම සිද්ධියට මුහුන පෑ අය දන්වා ඇත. ඔවුන් දෙදෙනා ආපසු ගොස් ස්වල්ප වේලාවකින් ගමට දිවියකු පැමිණි බවත් අම්බාල්කුලම් ගම්මානයේ වැසියෝ කියා සිටිති. ගම්වැසියන්ගේ මේ ප්‍රකාශය පොලිසියටද

දන්වා ඇත.
එසේම දිවියා මියගිය පසු පැවැත්වූ පරීක්ෂණයේදී ඌ කැලෑවේ වාසය කළ දිවියෙකු නොවන බවට පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කර තිබීම නිසාද මෙම සැකය වර්ධනය කර තිබේ.
කිලිනොච්චිය - අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ දිවියා පිළිබඳ මරණ පරීක්ෂණයේදී
එම සත්වයා වනාන්තරයේ ජීවත්වූ සත්වයෙකු නොවන බවට සැක මතුවන සාධක පවතින බව වනජීවී පශු
වෛද්‍ය අකලංක පිනිදිය මින් ඉහත වාර්තා කර තිබුනි.
ඔහු පවසා තිබුනේ මෙම දිවියාගේ ශරීර ලක්ෂණ සළකා බැලීමේදී කිලිනොච්චිය වැනි ප්‍රදේශයක පවතින
දේශගුණය යටතේ හැදී වැඩුනු සත්වයෙකුගේ ලක්ෂණ පෙන්නුම් නොකළ බවයි.
මේ කියන දිවියා කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබඳව පසුගියදා
දැඩි කථාබහක් ඇති විය. , එහි වීඩියෝ දර්ශනයක්ද ඇතුළත් වීම නිසා සාක්ෂි ලැබීමෙන් පසු පොලීසිය සැකකරුවන්  අත්අඩංගුවට ගන්නටද ක්‍රියා කළා.
වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය සිදුකරන අනාවරණයත් ගම්වැසියන් පවසා ඇති සාක්ෂිත් මත මෙම දිවියා සම්බන්ධ සැඟවුණ කාරණා පවතින බවට මේ වනවිට තොරතුරු හෙළිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad