ෆේස් බුක් ඇඩ් දාගෙන ලී බඩු විකිණූ හිටපු හමුදා නිලධාරියා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

ෆේස් බුක් ඇඩ් දාගෙන ලී බඩු විකිණූ හිටපු හමුදා නිලධාරියා අත්අඩංගුවට


සමාජ ජාලා වෙබි අඩවි ඔස්සේ වෙළඳ දැන්වීම් පළකර ජනතාව මුලාකරමින් ලක්‍ෂ ගණනින් මුදල් ගැරු හිටපු යුද හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අවිවාහක තරුණයෙකි. මෙම සැකකරු විසින් සමාජ ජාලා වෙබ් අඩවියේ මුහුණුපොතෙහි හොදම ලී බඩු අපෙන්... බයි ඇන් සෙලින් ශ්‍රී ලංකා නමින් ගිණුමක් ඕස්සේ එම
ආයතනය තුළ ඇති ලීයෙන් සැකසු අලංකාර ගෘහභාණ්ඩ ඉතා අඩු මිලට අලෙවි කරන බවත් රුපියල් එක් ලක්‍ෂ තිස්දහසක් වටිනා ගෘහභාණ්ඩ පැකේජයක් රුපියල් 90,000 (අනූදහසකට) ලබාදෙන බවත් සඳහන් කර තිබිණි.

මෙය ඇස ගැටුණු බොහෝ දෙනකු එහි සඳහන්ව තිබු දුරකථන අංකවලට ඇමැතු විට

පිළිතුරු ලැබුණේ ඒ සඳහා තම ගිණුම ඔස්සේ අත්තිකාරම් මුදලක් ගෙවීමට කටයුතු කරන ලෙසත් ඉන් අනතුරුව එම ගෘහ භාණ්ඩ කට්ටලය නිවසට රැගෙනවිත් භාරදී ඉතිරි මුදල් ලබාගන්නා බවය. ප්‍රකාශයට රැවටී ඇති බොහෝ දෙනා ඔහු ලබාදුන් ගිණුම් අංකයට මුදල් බැර කර ඇත. අනතුරුව එම භාණ්ඩ පාරිභෝගිකයන්ට නොලැබුණු අතර ඇමැතු දුරකථන අංකයන්ද ක්‍රියාවිරහිතවී තිබිණි. මිරිහාන, හෝමාගම, වැල්ලම්පිටිය, නුවර යන ප්‍රදේශයන්හි අති විශාල ජනතාවක් මෙම සැකකරුට මුලාවී තිබූ අතර තම දියණියන්ට දායාද කිරීමට ළාබෙට මෙලෙස ලී බඩු ලබාගැනීමටත් ඇනවුම් කළ පැමිණිලිකරුවෝද ඒ අතර සිටියහ.

 මෙම සැකකරු නුගේගොඩ නගරයේ සැරිසරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, අනතුරුව සැකකරු නවාතැන් ගෙන සිටි තිහාරිය ප්‍රදේශයේ කාමරය පොලීසිය විසින් පරික්ෂා කර තිබේ. එහි තිබී වෙබ් අඩවිවලට පහසුවෙන් යා හැකි ඉතා නවීන තත්වයේ පරිගණක, නවීන ජංගම දුරකථන ටැබ් යන්ත්‍ර,බැංකු පොත්,ඒ.ටී.එම්. කාඩ් විවිධ වර්ගයේ දුරකථන සිම්පත් රාශියක් සහ වයිෆයි රවුටර් වැනි උපාංග රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී පොලීසිය අනාවරණය කරගත් කරුණු මත මෙම සැකකරු හිටපු යුද හමුදා නිලධාරියෙකි. එම සේවා කාලය තුළ තම පෙම්වතිය හමුවිමට යාමට නිවාඩු අනුමත නොකිරීම හේතුවෙන් හෙතෙම භාරව කටයුතු කළ ඉහළ නිලධාරියා 2012 වසරේදී වෙඩි තබා ඝාතනය කොට ඇති අතර තවත් නිලධාරියකු බරපතළ තුවාල ලබා තිබිණි. මේ හේතුවෙන් සැකකරු මාස 8ක කාලයක් සිරගතව සිට ඇප ලබා නිදහස් වී පැමිණි මොහු නැවතත් මාරවිල ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබිණි.  2016 වසරේ පන්නල ප්‍රදේශයේ කාන්තාවක් දූෂණය කර ඇති අතර මෙම සැකකරුට මෙම නඩු තුනටම එම අධිකරණයන්ගෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත් සඳහන්ය.
-අමා ද සිල්වා-

No comments:

Post a Comment

Post Bottom Ad