පොළොන්නරුවේ වී මෝල්වල සංචාරක වීසා මඟින් පැමිණි ඉන්දියානුවන් වැඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

පොළොන්නරුවේ වී මෝල්වල සංචාරක වීසා මඟින් පැමිණි ඉන්දියානුවන් වැඩ


සංචාරක වීසා මගින් මෙරටට පැමිණි ඉන්දීය කම්කරුවන් 20ක් පමණ පොළොන්නරුව වී මෝල්වල සේවය කරන බවත් ඇතැම් පිරිස් මෙහිම විවාහ වී පවුල් ජීවිත ගත කරන බවත් වාර්තා වේ.  මේ කම්කරුවන් මීට වසරකට දෙකකට පමණ ඉහතදී සංචාරක වීසා මඟින් ලංකාවට පැමිණ කම්කරුවන් ලෙස සේවය කරන බවත්
ඇතැම් වී මෝල්වල එවැනි පුද්ගලයන් 10ක් පමණ සිටින බවත් දැනගන්නට තිබේ. ඊට අමතරව පොළොන්නරුව, මඩකළපුව, අම්පාර යන ප්‍රදේශවල සංචාරක සේවයට යොදවා තිබෙන බව වැඩිදුරටත් සඳහන්ය.

සංචාරක වීසා මගින් මෙරට ඇතුළුවී රැඳී සිටිය හැකි කාලය මාස තුනක් වුවත් මෙම ස්ථානවල මොවුන් සැඟවී රහසිගතව සිටින බවත් අඩු වැටුපට සේවය කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.  ඇතැම් කම්කරුවන් මෙහි පැමිණ විවාහ වී දරුවන් හදාවඩා ගනිමින් පවුල් ජීවිත පවා ගත කරන බවද එම ආරංචි මාර්ග පවසයි.  මේ පිළිබඳ

මීට මාස කිහිපයකට පෙර බුද්ධි අංශද වාර්තා කර තිබු අතර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු.

 'දැන් අවුරුදු ගණනක ඉඳලා කම්කරුවන් පිරිසක් ඉන්නවා. කොච්චරක්ද කියන්න අමාරුයි. ගොඩක් ඉන්දියානු මැෂින් සමඟ ඒවා ක්‍රියා කරන කම්කරුවන් එනවා. ඒ අය තමයි වැඩි හරියක් ඉන්නේ. මේ අය ඇවිත් තියෙන්නේ සංචාරක වීසා මඟින්ද කියලා හරියටම කියන්න බෑ, නමුත් එහෙම අය ඉන්නවා ලොකු මෝල්වල'  හෙතෙම කීය. මේ අතර සචාරක වීසා මඟින් පැමිණ සිටින ඉන්දියානු කම්කරුවන් 32ක් පිළිබඳව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර ඉන් සමහරක් පවුල් ජීවිත ගත කරන බවද වාර්තා කර ඇත. පොළොන්නරුව පොලිස් වසමේ පමණක් එවැනි කම්කරුවන් 14ක් පමණ සිටින බවද එම තොරතුරු අනවරණය කරයි.

මේ පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන  මහතාගෙන් විමසීමක් කළෙමු. 'සංචාරක වීසා මඟින් ආවද කියන එක අපට හරියටම තහවුරු කරගන්න බෑ. නමුත් පිරිසක්  එහෙම වීමෝල්වල වැඩ කරනවා. ඒ අය ඇවිත් තියෙන්නේ, ගොඩක්  වීමෝල්වල ඉන්දියානු මැෂන් තියෙන්නේ. ඒවා ඔපරේටස්ලා,  ඉන්ජිනියර්ස්ලා වගේ අය එනවා. නමුත් ඒ අය නම් වරක් පර්මිට් අරන් එන්නේ. අපි කණ්ඩායමක් යවලා පරීක්ෂා කර බලන්නම් එහෙම සංචාරක වීසා මඟින් පැමිණ සේවය කරනවාද කියලා. එහෙම ඉන්න බෑ. නීති විරෝධීයි.'


-බණ්ඩාර මුදියන්සේ-

No comments:

Post a Comment

Post Bottom Ad