ආයුධ පෙන්වන්න එක්ක ගොසින් මියගිය ඉන්ද්‍රජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 23, 2018

ආයුධ පෙන්වන්න එක්ක ගොසින් මියගිය ඉන්ද්‍රජිත්

http://www.gossiplankanews.com/2018/06/veopen-find-death.html
මාතර නගරයේදී ඊයේ (22 වැනිදා) සිදුකිරීමට ගිය ස්වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරුවකුවූ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා අද (23 වැනිදා) උදෑසනදී වෙඩිවැදී මියගිය බවත් ඔහු සැගවූ ආයුධ පෙන්වන්නට කියා පොලිසිය සමග ගිය ගමනකදී මාතර කිරළ කැළේ ප්‍රදේශයේදී
පොලිස් නිලධාරීන් වෙත අත්බෝමබයක් දමාගැසීමට කළ උත්සාහයේදී ඇති වූ වෙඩිතැබීම හේතුවෙන් වෙඩිවැදී මිය ගිය බවත් පොලිසිය වාර්තා කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අයුධ සහිතව සැකකරුගේ බෑගය සඟවා තැබූ තැනින් ගෙනඒමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී අද පෙරවරු 7.15 ට පමණ බෑගයේ තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට සැකකරු උත්සාහ කළ බවයි.


“ඔහු බෑගයේ තිබූ අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට උත්සාහ කළ නිසා පොලිස් නිලධාරීන් ඔහුට වෙඩිතිබ්බා. එයින් ඇතිවූ තුවාල නිසා ඔහුව රෝහල්ගත කළත් පසුව මියගියා” යයිද ගුණසේකර මහතා පැවසීය.

මාතර ස්වර්ණාභරණ වෙළෙඳසැලක් මංකොල්ල කෑමට ගත් උත්සාහයේදී එම කොල්ල කල්ලියේ සාමාජිකයකු වශයෙන් චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහු ඇතුළු පිරිස කොල්ලය සිදුකර කණ්ඩායම් දෙකක් ලෙස මෝටර් සයිකල වලින් පළායන අතර මාතර හුනුකොටුව අසළදී තවත් පොලිස් කන්ඩායමකට හසුවූ පසු ගල් ප්‍රහරයකට ලක්වී ආසන්න නාදුනන නිවසක සැගවෙන්නට ගිය  ගමනකදීය.
 ඔවුන් ගමන් ගත් සොරකම් කළ මෝටර් සයිකලයේ ඉන්ධන ඉවරවීමෙන් පසු අහසට වෙඩි තබා තවත් බයිසිකලයක් සොරකම් කරන්නට උත්සාහ ගනිද්දී
 පොලිසියට එම කොල්ලය නිරීක්ෂණයවීම නිසා ඔවුන් කොටුවූ අතර පසුව විශාල පිරිසකගේ ගුටි පූජා සමග ජිප් රථයකට නංවාගෙන පොලිසියට ගෙන එනු රූපවාහිනියද වාර්තා කර තිබුණි.
අද (23 වැනිදා) උදෑසනදී  ඔහුගේ ආයුධ බලන්නට පොලිසිය ගිය ගමනේදී ඔහුට පොලිස් වෙඩි පහර ලැබුණි.


පාතාල නායකයකු ලෙසින් හැඳින්වූ උදම්මිට සමරේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේද චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා යයිද අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් සහ පසුගිය මැයි මාසයේ වේයන්ගොඩදී 54 හැවිරිදි කාන්තාවකට වෙඩිතබා මරා දැමීමටත් ඇයගේ පුතාට වෙඩි තැබීමටත් චාමර ඉන්ද්‍රජිත් සම්බන්ධ වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ මරණය දැනුම් දෙමින් වාර්තා කළේය.

පසුගිය රජය සමයේ ආයුධ පෙන්වන්නට එක්ක යන අවස්ථාවලදී මියගිය අපරාධකරුවන් බහුල වුවත් වත්මන් රජය යටතේ එවැනි සිදුවීම් විරල වූ අතර නැවත එවැනි සිදුවීමක් මතුවූ අවස්ථාවක් ලෙස මෙම සිද්ධිය වාර්තා විය.
බොහෝ අවස්ථාවල පොලිස් නිලධාරීන් මැරුම්කන මෙහෙයුම්වලදී මෙවැනි ‘ආයුධ පෙන්වන අතර‘ මියයාමේ සිද්ධි ඉහළ අගයකින් වාර්තාවී තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad