මාතර කැළඹූ නිලේකා ජුවෙලරි කොල්ලකෑම සහ පාතාල පොලිස් පොරය සිදුවූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 23, 2018

මාතර කැළඹූ නිලේකා ජුවෙලරි කොල්ලකෑම සහ පාතාල පොලිස් පොරය සිදුවූ හැටි

http://www.gossiplankanews.com/2018/06/matara-nileka-jewellary-robbery.html
කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියේ මෙහෙයවීමෙන් ඊයේ මාතරදී සිදුවූ නිලේකා ජුවෙලරි ස්වර්ණාභරණ සාප්පු කොල්ලය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී පොලිස් කොස්තාපල්වරයකු මිය සිය අතර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලැබුහ.
කොල්ලය සිදුවන අතර ලැබුණ ඇමතුම මත අදාළ කොස්තාපල්වරයා පිරිස සමග පැමිණ ස්වර්ණාභරණ ආයතනයට යාබද බිත්තියක සිට මුවාවෙමින්
කොල්ලකරුවන් නිරීක්ෂණය කරද්දී ස්වර්ණාභරණ ආයතනයේ අනෙක් දොරින් එළියට එන කොල්ලකරුවෙක් ඔහුගේ පසුපස සිට සිරුරටම කිට්ටුකර හෘදය දෙසට වෙඩි තැබීම සිදුකර ඔහු මරාදමයි. වෙඩි තැබීම නිසා දුබල වන ඔහු  එය නොතකා සාප්පුව වෙත අනෙක් පසින් යන්න උත්සාහ කර පසුව පාරේ ඇදගෙන වැටෙයි.

වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ මාතර පොලිසියේ අපරාාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 69532 සුරංග ප්‍රදීප් විරසිංහ (33) නමැති පොලිස් කොස්තාපල් වරයෙකි.
තුවාල ලැබුවන් අතර පොලිසියේ දෙදෙනකු බස් කොන්දොස්තරවරයකු සහ කාන්තාවක ද සිටිති.
පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලදී පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලියේ තිදෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් වෙඩිකා පළාගොස්, ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිය දි, ඊයේ අත් අඩංගුවට ගනු ලැබිණි.
තුවාල ලැබු පාංතාල කල්ලි සාමාජීකයින් අතර, කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන කොස්ගොඩ මහේෂ් සහ ඔහුගේ මිතුරකු වන අනුරාධපුර අතුල නමැත්තා ද සිටින බව වාර්තා විය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පාතාල සාමාජිකයින් මාතර සිට අතුරු මාර්ගය ඔස්සේ කරාපිටිය රෝහලට පැමිණෙන්ට ඇතැයි පොලිසිය සැක කරයි.
නිලේකා ජුවෙලරි ස්වර්ණාභරණ වෙළඳ සල කොල්ලකෑමට කඩාවැදී පොලිසියේ වෙඩි ප්‍රහාර හමුවේ පළාගිය පාතාල කල්ලියේ තවත් සාමාජීකයකු මාතර හුණුකොටුව හංදිය ආසන්නයේ නිවසක සැගවී සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
අවිගත් කොල්ලකරුවන් පිරිස කුඩා මෝටර් රථයකින් ඊයේ උදේ 10.00 ට පමණ මාතර ධර්මපාල මාවතේනිලේකා ජුවෙලරි ආයතනයට කඩා වැදී  ස්වර්ණාභරණ හලේ සේවකයින් බියවද්දා එහි තිබූ කුඩා කාමරයකට දමා වසා තිබෙන අතර පසුව ස්වර්ණාභරණ සාප්පුවේ සියලු වටිනා කියන දේ බෑග්වලට දමාගනිමින් කොල්ලය සිදු කර ඇත.
මේ අවස්ථාවේ කුඩා කාමරයේ සිරවූ සේවකයෙකු සතුව තිබූ ජංගම දුරකථනයකින් ඔහු 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන කොල්ලය ගැන මාතර මුලසස්ථාන පොලිසිය දැනුවත් කර ඇත.අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් ඒ මොහොතේම ස්වර්ණාභරණ ආයතනය වෙත පැමිණ ඇත.
මියගිය පොලිස් කොස්තාපල් විරසිංහ මහතා ඇතුළු අනෙක් නිලධාරීන් දෙසට වෙඩි තබමින් ඒ අසල තිබු යතුරුපැදිවල නැගී හිස් ලූ ලූ අත පලා ගොස් ඇත.
පළාතම දෙදරුම් කමින් වෙඩි තබමින් චිත්‍රපට සටන් ජවනිකාවක් බඳු මෙම අවස්ථාවේ කොල්ලකරුවන්ට මෙන්ම පොලිසියටද තුවාල සිදු විය.
කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් කොස්තාපල්වරයකු මියගියාට අමතරව පොලිස් සැරයන් වරයෙකුත්  තවත් කොස්තාපල්වරයෙකුත්  රියදුරුවරයෙකුත් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඊට අමතර ව එම වෙළඳසල අසල සිටි කාන්තාවක හා පාරේ ධාවනය වෙමින් තිබු පෞද්ගලික බසයක කොදොස්තරවරයකුට ද වෙඩි වැදී තිබුණි. ඔවුන් සියල්ල මේ වනවිට රෝහල් ගත කර ඇති අතර බස් කොන්දොස්තර මහතා ඇතුළු දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කඹුරුපිටිය සිට මාතර බලා ධාවනය මවමින් තිබු බසයේ කොන්දොස්තරවරයකු එලෙස තුවාල ලබා ඇති අතර ඔහුගේ බිරිඳ සිය දෙවන දරු ප්‍රසුතිය සඳහා මාතර මහරෝහල වෙත ඇතුළුවී ඊයේ (21) උදෑසන එම දරුවා ප්‍රසුතකර තිබෙන අතර මෙම ගැටුම නිසා ඔහුටද රෝහල් ගතවන්නට සිදුවිය.

මියගිය කොස්තාපල් සුරංග ප්‍රදීප් විරසිංහ විශේෂ කාර්ය බලකායේ රාජකාරි කර පසුව පොලිසියට බැඳී තිබෙන  අයෙකි. ඔහුගේ බිරිඳ මාතර මහරෝහලේ හෙදියකි. අවුරුදු දෙකහමාරක් වයසැති පුතකු සහ අවුරුදු පහක් වයසැති දියණියක ඔවුනට සිටී.
ස්වර්ණාභරණ වෙළෙඳසලේ කොල්ලය අසාර්ථකවී එතැනදී සොරාගත් මෝටර් සයිකලයකින් පළායමින් සිටි කොල්ලකරුවන් මාතර දුම්රිය පාර ඔස්සේ යනවිට එය නතර වී තිබේ. පසුව එතැනදී අහසට වෙඩි තබා ජනතාව බියවද්දා තවත් යතුරුපැදියක් කොල්ලකා පලා යන්නට උත්සාහ කර ඇති අතර වැටලීමකට යමින් සිටි මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උදිත කුමාර හා සැරයන් අශෝක යන අයට මේ අය නිරීක්ෂණය වී ඇත.
අවිගත් සැකකරුවන් තිදෙනා පසුපස ඔවුන් ලුහුබදින්නට පටන්ගත්තේ ඒ අනුවයි.
එවිට කොල්ලකරුවන් එම පොලිස් කණ්ඩායමටද වෙඩි තබා ඇත. එවිට පොලිසිය කොල්ලකරුවන්ගේ යතුරුපැදිය හප්පවා ඔවුන් බිම වට්ටා ගෙන ඇත. ඒ සමගම යතුරුපැදිය හා පොලිස් කැබ් රථය කාණුවකට වැටී අනතුරට ලක් විය.
පොලිසිය දෙසට වෙඩි තබමින් පළායමින් සිටි කොල්ලකරුවන් දෙසට පොලිස් සැරයන් ගමගේ මහතා කළුගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එම කළුගලක් කොල්ලකරුවකුගේ හිසට වැදී තිබුණි. පසුව සිදුකළ මෙහෙයුමේ දී එම ගල් ප්‍රහාරය වැදුණු සැකකරු ඒ අසල ගෙවත්තක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබිය.
කොස්ගොඩ තාරක ඇතුළු කොල්ලකරුවන් තිදෙනා තවත් යතුරුපැදියකින් පළා ගොස් එය අතරමග දමා ගොස් තිබුණි. එතැන් සිට ඔවුන් කුඩා මෝටර් රථයක නැගී පළාගිය බවට පොලීසියට තොරතුරු වාවිතා විය. ඒ අනුව වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම සැකකරුවන් තිදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රජයේ රෝහලට ඇතුළත්කර සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් රෝහලට භාර දුන් මෝටර් රථය පදවා ගෙන ආ සැකකරු පැනගොස් තිබෙන බවත් ඔහු කවුදැයි හදුනාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මෙම අපරාධය සදහා කොල්ලකරුවන් හය දෙනෙකු
හෝ හත් දෙනෙකු පැමිණෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි. ඔවුන් මෝටර් රථයකින් පැමිණෙන්නට ඇති බවටද විශ්වාස කෙරේ. ඔවුන්ගෙන් සිවු දෙනකු අපරාධය සිදු කර පැය දෙකක් තුළ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ඔටුන් සියලු දෙනා අත ටී 56 වර්ගයේ ගිනි අවි හා පිස්තෝල තිබි ඇත.
කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියසිය පොලිස් කොස්තාපල්වරයාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැත්තා අපරාධ ගණනාවකට පොලිසියට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව ද පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන් වේ.
2017.10.29 වන දින කොන්ගොඩ  නිවසකදී පියකු හා පුතුන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරිම, එදිනම එම ප්‍රදේශයේ තවත් නිවසක සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, එදිනම එම ප්‍රදේශයේ තවත් නිවසක සිටි පුද්ගලයකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම, ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකෑම, අලුත්ගම, තංගල්ල, පානදුර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ බැකු කොල්ලකෑම් ආදි ආපරාධ ගණනාවකට ඔවුන් සම්බන්ධව සිට ඇත.
පළාගිය අය ඇල්ලීමට පරීක්ෂණ තවත් සිදුවේ.
 කොස්තාපල්වරයා පිරිස සමග පැමිණ ස්වර්ණාභරණ ආයතනයට යාබද බිත්තියක සිට මුවාවෙමින් කොල්ලකරුවන් නිරීක්ෂණය කරද්දී ස්වර්ණාභරණ ආයතනයේ අනෙක් දොරින් එළියට එන කොල්ලකරුවෙක් ඔහුගේ පසුපස සිට සිරුරටම කිට්ටුකර හෘදය දෙසට වෙඩි තැබීම සිදුකර වෙඩි පහර වදින අවස්ථාවේ සීසීටීවී දර්ශනය පහතින්











No comments:

Post a Comment

Post Bottom Ad