ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 14, 2018

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම
මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි.
මෙම තීන්දුව ලබාදුන්  හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.
ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැඳී සිටියහ.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියාය.
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැණවැදීම මෙන්ම විනිසුරුට එරෙහිව පරුෂ වචන කිමේ සිද්ධියක් නිසා එම හිමියන් චෝදනා ලැබ සිටි අතර දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුද ලැබ සිට පසුව නඩුවට සහභාගී වී තිබුණි.
 මාස 6ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසු හිමියන්ව බන්ධනාගාරයට කැඳවා යන ලද්දේ විශාල පිරිසකගේ ආරක්ෂාව මැදයි.

No comments:

Post a Comment

Post Bottom Ad