ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 14, 2018

ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්

gnanasara-thero

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව විභාගයට ගැනීමෙන් පසු අධිකරණ භූමියේ දී ඔහුගේ බිරිය සනධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජනය කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට මාස හයක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. එක්නැළිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් දස දහසක දඩයක් ද නියම කළේය. එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇය හෝමාගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඥාණසාර හිමිට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළේය. ඒ අනුව පැවැති නඩු විභාගයකින් පසු එම චෝදනාවට ඥාණසාර හිමියන් වැරදිකරු බව අධිකරණය තීරණය කළේය. ඥාණසාර හිමියන්ගේ ඇඟිලිසලකුණු ගැනීම සහ දඬුවම් නියම කිරීම අද සිදු කිරීමට නියමිතව තිබිණි. මෙම අවස්ථාවේදීම ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad