බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 17, 2018

බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video]

පුද්ගලික බස් රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ත‍්‍රිරෝද රථය ගිනි ගෙන එහි ගමන් කල බිළිදියක් ඇතුළු සිවු දෙනෙකු රෝහල් ගත කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ අම්බලන්තොට හම්බන්තොට වරාය පිවිසුම ආසන්නයේදීය.

ත‍්‍රිරෝද රථය එක්වරම ප‍්‍රධාන මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ත‍්‍රිරෝද රථය ගිනිගෙන එහි ගමන් ගත් එකම පවුලේ සිවු දෙනා බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇත. ත‍්‍රිරෝද රථය ගින්නෙන් දැවෙද්දී ඔවුන් බේරා ගැනීම සදහා අසල සිටි පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු සදහන් කරන්නේ අසල සිටි අය පින්තූර ගනිමින් සිටියා විනා වතුර ටිකක් ගෙනැවිත් ගින්න නිවන්න හෝ උදවු නොකල බවයි.

මෙම පුද්ගලයාගේ අතද සැලකිය යුතු මට්ටමේ පිලිස්සුම් තුවාල ලබා තිබින. ඒ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමනට වූ තුවාලයට වඩා විශාල වේදනාවක් එම ගින්නට හසු වූ මිනිසුන්නට දැනෙන්නට ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad