චන්දිකගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට අළුත් පුහුණුකරුවන් දෙදෙනෙක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 17, 2018

චන්දිකගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට අළුත් පුහුණුකරුවන් දෙදෙනෙක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ වෙනස් කම් ගණනාවක් සිදුවූ අතර ප්‍රධානම වෙනස වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ බාර ගැනීමය.ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස සිටි සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාරගත් අතර මේ සියල්ල සිදුවුයේ කණ්ඩායමේ සිදුවූ වෙනස් කම් වලට අමතරවය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ජාත්‍යන්තර තරඟ නොමැති කාලයක් පසු කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟ සංචාරය කොදෙව් කණ්ඩායම සමඟින් වන අතර එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා මේ වන විටත් සුපිරි පළාත් සිව්දින තරඟාවලියක් ක්‍රියාත්මක වන අතර මේ ආකාරයෙන් ක්‍රීඩකයන් සෙවීම ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට නව දඟ පන්දු යවන පුහුනුකරුවෙක්ද බඳවා ගැනීමට සුදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙස පියල් විජේතුංග කටයුතු කල අතර නව පුහුණුකරු ලෙස විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගැනීමට වැඩි අවධානයක් යොමුවී ඇති බවද අයිලන්ඩ් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබිණි.ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීමක් අනුව මෙලෙස ශ්‍රී ලංකා දඟ පන්දු අංශයේ කුසලතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බවද වාර්තා වේ. මීට අමතරව හිටපු පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් ඉවත් වීමෙන් පුරප්පාඩු වූ පන්දු රැකීමේ පුහුණුකරු ධූරයට ද සුදුසු පුද්ගලයකු බදවා ගැනීමට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad