ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු කන්ඩායමේ හිටපු දග පන්දු යවන ක‍්‍රිඩක මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මුෂ්ටාක් පාකිස්තාන කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස සේවය කර ඇති අතර ඔහුද ශ්‍රී ලංකාවේ තනතුර පිළිබඳව අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි. පාකිස්තානු ජාතක කණ්ඩායම වෙනුවෙනු ටෙස්ට් තරග 52කට හා එක්දින තරග 144ක සහභාගී වී ඇති මුෂ්ටාක් අහමඩ් ටෙස්ට් කඩුලු 185ක් හා එක්දින කඩුලු 161ක් බිද දමා ඇත.
මීට අමතරව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත. හිටපු පන්දු රැකීමේ පුහුණුකරු මෙන්ම තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු තළ නික් පෝතාස් සිය ධුරයෙන් ඉවත්විම හේතුවෙන් මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය. නව තනතුරු දෙකම මාස දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත.
Tuesday, April 17, 2018
ලංකාවේ දඟයන්ට පුහුණුකරන්නට එන පාකිස්තානයේ සුපිරි ක‍්‍රිකට් තරුව මෙන්න..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment