ඉන්දීය ක්‍රිකට් විකාශන අයිතිය ඔන්ලයින් වෙන්දේසියේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 4, 2018

ඉන්දීය ක්‍රිකට් විකාශන අයිතිය ඔන්ලයින් වෙන්දේසියේ !


ඉන්දියාවේ ජාත්‍යන්තර ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරග විකාශන අයිතීන් සඳහා වූ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ හෙට (03) දිනයේදී ඉන්දීය වේලාවෙන් ප.ව. 2.00 සිට සජීවී ලෙස පැවැත්වීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.


ක්‍රිකට් තරග විකාශන අයිතීන් සඳහා මෙලෙස අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසියක් (e-auction) පැවැත්වෙන්නේ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි.

මේ අයුරින් 2018 අප්‍රේල් 15 - 2023 මාර්තු 31 දක්වා පස්වසරක කාලය පුරාවට ඇති ඉන්දීය ක්‍රිකට් තරග 102 ක විකාශන අයිතීන් මෙලෙස වෙන්දේසි වනු ඇත.

මෙම වෙන්දේසිය සඳහා ජාත්‍යන්තර සමාගම් 6ක් ඉදිරිපත් වී ඇති අතර, ඒවා ස්ටාර් ඉන්ඩියා, සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්ඩියා, ෆේස්බුක්, ගූගල්, රිලයන්ස් ජියෝ හා යප් ටීවී වේ. මොවුන් අන්තර්ජාලය ඔස්සේ ලංසු තබන අතර, ඉහළම ලංසුව සඳහා විකාශන අයිතීන් හිමිවේ. වෙන්දේසිය ඛාණ්ඩ තුනක් සඳහා පවතියි.

e-auction මොකටද ?

මේ දක්වා තරග විකාශන අයිතීන් ලබාදීමේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුගමනය කර තිබුණේ closed-bid වෙන්දේසි ක්‍රමවේදයයි. කෙසේවෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට පසුගිය වසරේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරනු ලැබූ පරිපාලන කමිටුව (CoA) හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී - රාහුල් ජොහ්රි ඇතුළු කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබුණේ වෙන්දේසියේ විනිවිදභාවය වැඩි කිරීම සඳහා e-auction ක්‍රමවේදයක් කරා යා යුතු බවයි.

නීතිය යළිත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව හා පාලනාධිකාරිය වෙත ගෙන ඒම සඳහා 2015 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අගවිනිසුරුවරයෙකු වන ආර්.එම්. ලෝධා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටවූ අතර, ඉන්දීය විකාශන අයිතීන් අලෙවි කිරීමේදී e-auction ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට එම ලෝධා කමිටුවෙන් ද නිර්දේශ කර තිබුණි.

Closed-bid වෙන්දේසි ක්‍රමවේදය දූෂිත විය හැකි බවට විචාරක මතයක් පවතින අතර, ඉහළ විනිවිදභාවයකින් හා සාධාරණත්වයෙන් මෙන්ම තරගකාරී මිලකින් යුත් e-auction ක්‍රමවේදය මගින් වඩාත් ඉහළ මිලක් කරා යාහැකි බව පැවසේ.
17,123 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad