හොරුන්ට එරෙහි හොරුන්ගේ සටන නොහොත් විශ්වාසභංග නාටකය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 4, 2018

හොරුන්ට එරෙහි හොරුන්ගේ සටන නොහොත් විශ්වාසභංග නාටකය


හෙට පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංගය යනු ඉල ඇදෙන විහිළුවකි. එම විශ්වාසභංගයට හේතු වූ කාරණා ලෙස මහින්ද ගේ කල්ලිය පවසන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව මත එය ගෙන එන බවය. රුපියල් බිලියන 11 ක් එසේත් නැතහොත් රුපියල් කෝටි 1100 ක් බැඳුම්කර හොර මගඩිය හරහා රනිල් , මලික් , කබීර් , අර්ජුන් ඇතුළු පර්පචුවල් සමාගමේ ලොක්කන් විසින් සොරකම් කළේය. එය ඉතා කෙටි කලකින් සිදුකල මහා පරිමාණ වංචාව බව රටම දනී. රටක අගමැතිවරයෙකු එවැනි ත්‍රාඩ හොරකමකට සම්බන්ධවී නම් , ඔහුට එකම තප්පරයක් හෝ අගමැති ධුරයේ රැඳී සිටීමට සදාචාරසම්පන්න අයිතියක් නැත. එවන් පුද්ගලයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගට එරෙහිව නැගී සිටීමට මේ රටට ආදරය කරන කිසිවෙකුට හැකියාවක් හෝ අයිතියක් ද නැත. එම තර්කයෙන් බලන කල විශ්වාසභංගය ගෙන ඒමට මෙතරම් ප්‍රමාද වීම ගැන දැඩි කෝපයක්ද සමාජය තුල ඇතිවිය යුතුය .

දැන් අප ඊළඟට අවධානය යොමුකළ යුත්තේ විශ්වාසභංගය ගෙන එන කණ්ඩායම දෙසටය. ලොව පිළිගත් ආචාර ධර්ම පද්ධතියට අනුව , යම් අයෙකුට දුෂණ , හොරකම් , අක්‍රමිකතා,, විශ්වාසය කඩකිරීම් වැනි චෝදනාවක් නගන්නට හැකිවන්නේ චෝදනාව එල්ලවන පුද්ගලයාට වඩා සදාචාරසම්පන්න පුද්ගලයෙකුට පමණි. එසේ නැතහොත් චෝදකයාගේ පැමිණිල්ල ලප් තැනම ලොප් වනු ඇත. එය සමාජයම හිනස්සන විගඩමකින් අවසන් වනු ඇත. රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මුල් වූ පිරිස දෙස බලමු. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන්නේ පසුගිය රජය සමයේ මහා පරිමාණ වංචා දුෂණ චෝදනා හොරකම් මැරකම්වලට චෝදනාවලට ලක්ව සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිනේශ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ආදි මහජන දේපොළ සොරා කෑ දේශපාලුවන් විසිනි. මේ සියලුදෙනාටම මහා පරිමාන දුෂණ චෝදනා එල්ල වී තිබියදී, වත්මන් රජයේ රනිල් සිරිසේන හවුලේ රැකවරණය ලබමින් ඉතා යහතින් වැජඹුණු රංචුවකි. අසුචි වලක ලැග අනෙකාගේ වසුරු පිඩ ගඳ යැයි කෑමොර දෙන මේ සියල්ලම රටේ විශ්වාසය බිඳ ගෙන ඇත්තේ රනිල් ඇතුළු එජාප කල්ලිය මෙන් රටේ මහජන මුදල් හොරාකෑමෙනි. සත්‍ය වශයෙන්ම මේ රන්චුවටම එරෙහිව ගෙන ඒමට සුදුසු විශ්වාසභංගයක් ලෙස පමණක් මේ විගඩම අර්ථ දැක්විය හැක. එසේ නොමැතිව සිටින හොර දෙටුවෙක් වෙනුවට තවත් සුදට සුදේ බැබලෙන හොරෙකු ගෙන එමෙන් හෝ ,විගඩමක් බවට පත් වී ඇති පාර්ලිමේන්තුවේ මුදලට ඕනෑම කුපාඩිකමක් කරන හිස් මොළ ගෙඩි මාරුවීමෙන් සිදුවන බල හුවමාරුවකින් හෝ මේ රට ඇතිවන සුගතියක් නැත. තකතීරු ජනතාවක් සිටින රටක , හොරුන් මංකොල්ලකරුවන් බල්ටි ගසමින් මේ රටේ ඉහලම තැන්වල විරාජමාන වී ඒ ජනයාටම විසිල් පාර දීමට වරින් වර හිත කිරි ගැසෙන එපිසෝඩ් නිකුත් කරමින් සිටි...

29,833 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad