විමල් හා ජයන්තට වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

විමල් හා ජයන්තට වරෙන්තු


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද වරෙන්තු නිකුත් කළේ ය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණිමට විරුද්ධත්වය දක්වමින් 2016 පෙබරවාරි 6 වනදා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම් ඇතුළු චෝදනා යටතේ පැවති නඩුවක් අද කැඳ වූ අවස්ථාවේ එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනි නොසිටීම ඊට හේතවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad