EPF සාමාජික අංකය ජුනි මස සිට වෙනස් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

EPF සාමාජික අංකය ජුනි මස සිට වෙනස් වෙයි..

සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගෙන ,නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් සකස් කෙරෙමීන් පවතින බවද පැවසේ.
ආයතන කීපයක වරින්වර සේවය කොට ඇති සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදලේ සමාජික අංක කීපයක් ඇති බවත් එම තත්වය මත අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට යාමේ දී ගැටළු ගණනාවකට මුහුණපෑමට සිදු වී ඇති බව එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
මෙම අපහසුතා මඟහැරවීමේ පියවරක් ලෙස මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංකය ලෙස සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමට තීරණය කර තිබේ.
සේවක අර්ථසධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේ දී සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකයේ නිරවද්‍යතාව පරික්ෂා කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ තොරතුරු හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යන බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad