යුවළ සමූහ ඡායාරූපයේදී මාරුවෙන්න අකමැති අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

යුවළ සමූහ ඡායාරූපයේදී මාරුවෙන්න අකමැති අගමැති

මේ දිනවල ජපානයේ සංචාරයක නිරතවන මෛත්‍රිපාල ජනපතිවරයා එරට අගමැති ෂින්සො අබෙ හමුවූ අවස්ථාවන්හි ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය පුරා දක්නට ලැබේ.ජනපති මෛත්‍රිපාල සිරිසේන හා එම බිරිය සමග අබේගේ බිරිය සිටින යුවළ ඡායාරූපය මෙහිදී අවධානයට යොමුවේ.සාමාන්‍යයෙන් විදේශ නායකයෙකුගේ බිරිය සමග
හමුවකදී මව් රටේ නායකයා ලබාගන්නා ඡායාරූප වලට එම දෙදෙනා මැදි කරගෙන හෝ මිශ්‍ර කරගෙන පෙනී සිටීම සිරිතකි.
නමුත් ජපන් සම්ප්‍රදාය අනුව යමින් ෂින්සො අබෙ බොහෝ අවස්ථාවල එසේ කරන්නේ නැත. ඔහු බිරිය සමග වෙනමත් ආගන්තුක යුවළ වෙනමත් සිටින ලෙස ඡායාරූප වලට පෙනී සිටීම ඔහුගේ සිරිතය.
මෙම ක්‍රමය ඔහු වෙනස් කර තිබෙන්නේ කලාතුරකිනි. වරක් බරක් ඔබාමා යුවළ සමග ඒ කියන පොදු ආකාරයට ඔහු බිරිය සමග ඡායාරූපවලට පෙනී සිට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad