ආටිගල හතරේ කල්ලිය අත්අඩංගුවට..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

ආටිගල හතරේ කල්ලිය අත්අඩංගුවට.....


‘ආටිගල මැක්කා’’ නැමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙහෙය වූ බව කියන හතරේ කල්ලිය අද (16) හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය සඳහන් කළා.
මොවුන් පාදුක්ක නගරයේ පිහිටි රන් භාණ්ඩ විකිණීමේ නිරත වෙළඳසලකින් රුපියල් හත් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති බවට සැක පළ කරන අතර, ඉකුත් ජනවාරි මස 30 වැනිදා කොල්ලය සඳහා පැමිණ ඇති මෙම සැකකරුවන් එහි හිමිකරුට තර්ජනය කර බිය වද්දා වෙළඳසලෙහි තිබූ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය බව වෙළඳසලෙහි හිමිකරු විසින් පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18, 20, 24 සහ 34 යන වයස්වල තරුණයින් බවත් මෙයින් 34 හැවිරිදි පුද්ගලයා පමණක් විවාහකයෙකු වන බවත් අනෙක් පුද්ගලයින් අවිවාහකයින් බවත් පොලිසිය කියා සිටියා.
මෙම සැකකරුවන් පුද්ගලයින්ට තර්ජනය කිරීම් පහර දීම් ආදී කටයුතුවල නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද මෙම රන් භාණ්ඩ කොල්ල කෑම පිටුපස වෙනත් කරුණක් සැඟවී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
කොල්ල කෑමට අදාල දර්ශන වෙළඳසලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවත් එම දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන අත් අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලිසිය පවසයි. අත් අඩංගුවේ පසුවන සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad