න්‍යෂ්ටික යුද්ධයක්! පෘථිවිය විනාශයට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

න්‍යෂ්ටික යුද්ධයක්! පෘථිවිය විනාශයට?


විසි එක් වැනි සියවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ඉතිහාස ගත වන භෞතික විද්‍යාඥ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් (Stephen Hawkin) එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වැනි වියේ පසු මේ මහා ප්‍රාඥයා ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව විස්මිත සොයාගැනීම් රැසක් ලොවට අනාවරණය කළ මෙතෙක් ලොව පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥයෙකි.
1942 වසරේ ජනවාරි 08 වැනි දා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලැබූ හෝකින් ඔහුගේ මවුපියන් අධ්‍යාපනය ලැබූ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වී 1962 දී උපාධිය හිමි කර ගත්තේය. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු විද්‍යාඥයකු වශයෙන් ඔහුගේ කීර්තිය පැතිර යන්නට විය.
වයස අවුරුදු 22 දී මහාචාර්ය ස්ටීවන් හෝකින් සුව කළ නොහැකි ස්නායුගත ආබාධයකින් පෙළෙන බව හෙළි වූ පසු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඔහු මාස 18 කට වඩා ජීවත් නො වන බවයි. එහෙත් ඔහු මිය යන තුරුම විද්‍යාව වෙනුවෙන් සිදු කළ මෙහෙය ලොව වෙනත් කිසිම විද්‍යාඥයකු මෙතෙක් සම කර නැත. සිරුර අකි‍්‍රය වී රෝද පුටුවකට සීමා වුවත් හෝකින්ගේ මොළයේ ඉතාමත් තියුණු වෙමින් කි‍්‍රයා කළ අතර වෛද්‍යවරුන් ප්‍රකාශ කළ ආකාරයට ඔහු මාස 18 කින් මිය ගියේ ද නැත.
1974 දී ඔහුට තනිවම කෑම ගැනීමට හෝ ඇඳට යාමට නොහැකි වූ අතර 1984 දී ඔහුට නි කතා කිරීමට අපහසු වී 1985 දී මුළුමනින්ම කතා කිරීමට නොහැකි විය. එයින් අධෛර්යයට පත් නොවූ හෝකින් එතැන් සිට අදහස් පළ කළේ ඔහුගේ කතාව හඬ බවට පෙරළීමට හැකි පරිගණකයක් භාවිත කරමිනි. ඒ පරිගණකය හෝකින් ගේ ඇසෙන් හා මොළයෙන් නිකුත් කරන සංඥාවලින් ක්‍රියා කරනු ලැබීය. ඒ හරහා ඔහු පර්යේෂණ කිරීම හා පොතපත ලිවීම අඛණ්ඩව සිදු කළේය.
මේ අතර 1965 ජූලි 14 වැනි දා ‘ ජීවත් වීමට යමක්‘ එක් කර ගනිමින් ස්ටීවන් හෝකින්, ජේන් වයිල්ඩ් සමග විවාහ විය. එම විවාහයෙන් ඔවුන්ට රොබට්, ලුසී සහ තිමොති නම් දරුවන් තිදෙනෙකි. කෙසේ වුවත් 1991 වසරේ දී ඇය ගෙන් දික්කසාද වූ ඔහු , 1965 වසරේ දී ඇයගේ සාත්තු සේවිකාව වූ එලයන් මේසන් සමග විවාහ විය. ඇය කලින් විවාහ වී සිටියේ හෝකින්ට ඔහුගේ ප‍්‍රථම කතා කරන පරිගණකය නිර්මාණය කර දුන් ඩේවිඩ් මේසන් සමගය. තමන් ආදරය කළ ඇය හා විවාහ වූ බව එම විවාහය සම්බන්ධයෙන් ස්ටීවන් හෝකින් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවත් එම විවාහය ද 2006 වසරේ දී දික්කාසයෙන් අවසන් වූ අතර නැවතත් ජේන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගත් ඔහු තම දරුවන් හා මුනුපුරන් සමග ප්‍රීතිමත් කාල පරිච්ඡේදයක් ගත කළේය.
හෝකින් සාමාන්‍යයෙන් ආගමික නැඹුරුවක් ඇති අයෙක් නොවීය. ඔහු ගේ විශ්වාසය වූයේ විශ්වය පාලනය කරන්නේ විද්‍යාවේ නීතියෙන් බවයි. විද්‍යාව වටහා ගැනීමට පෙර දෙවියන් වහන්සේ විසින් විශ්වය මැවූ බව විශ්වාස කිරීම සාමාන්‍ය දෙයක් බවත් මේ වන විට විද්‍යාව ඊට වඩා පැහැදිලි නිරීක්ෂණ පෙන්වා දී ඇති බවත් හෝකින් ප්‍රකාශ කළේය.
විශ්වය පිළිබඳ මත පළ කළ විද්‍යාඥයන් අතර විශිෂ්ටයකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින් දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කළේ මිනිසා අඟහරු ග‍්‍රහයා මත ජනපද පිහිටුවීම අනාගතයේ දී අනිවාර්යයෙන් ම සිදු වන බවයි. එහෙත් ඒ සඳහා තවත් වසර සීයක්වත් ගත වනු ඇති බව ඔහු පැවසීය. එසේම ස්ථිර වශයෙන් ම වසර දහසක් ඇතුළත පෘථිවි ග‍්‍රහයා විනාශයට පත් විය හැකි සිදුවීමක්, ‘න්‍යෂ්ටික යුද්ධයක් හෝ ගෝලීය උණුසුම් වීමක්’ හෝ ඇති විය හැකි බවට ඔහු ප්‍රකාශ කළේය. ඒ නිසා දිවි ගලවා ගැනීමට නම් මිනිසා වෙනත් ලෝකයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බව මහාචාර්ය ස්ටීවන් හෝකින් විශ්වාස කළේය .
ඒ අනුව ඔහුගේ අදහස වූයේ සෞරග‍්‍රහ මණ්ඩලයෙහි ඇති ග‍්‍රහයන් අතුරින් පෘථිවියට විකල්පයක් ලෙස තෝරා ගත හැකි හොඳම ග‍්‍රහයා අඟහරු බවයි. එහෙත් අඟහරු වෙත මිනිසුන් යැවීමට ගවේශන සැලසුම් කෙරුණත් එය තවත් දශක කීපයකින් මෙහා සිදු නොවන බවත් අඟහරු වෙත යන එවැනි එක් ගමනකට දින 450ක් ගත වන බවත් ඔහු අනාවරණය කළේය.‘කළු කුහර’ පිළිබඳ න්‍යායන් ලොවට හෙළි කළ තාරකා භෞතික විද්‍යාඥයා. කේම්බි‍්‍රජ් සරසවියේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ අයිසැක් නිව්ටන්ගේ තනතුර හෙබවීමේ ගෞරවය ද ඔහුට හිමි විය.

No comments:

Post a Comment

Post Bottom Ad