පාසලේදී ක්ලාන්ත වී අවුරුදු 15 තවත් දැරියක් මරුට.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 3, 2018

පාසලේදී ක්ලාන්ත වී අවුරුදු 15 තවත් දැරියක් මරුට....


පුස්සැල්ලාව, අටබාගේ ප්‍රදේශයේ පාසලක සිසුවියක් පාසල තුළදී හදිසියේ රෝගී විම හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ (02) දහවල් පාසලේ නර්තන කාමරය අසලදී ක්ලාන්ත වී ඇති එම සිසුවිය ගම්පොල රජයේ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේය.

මියගොස් ඇත්තේ 15 හැවිරිදි මිල්ලගහතැන්න, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මළ සිරුර ගම්පොල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතය.

පුස්සැල්ලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි

No comments:

Post a Comment

Post Bottom Ad