පොහොට්ටුවේ ගැටුම උග්‍රඅතට.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 3, 2018

පොහොට්ටුවේ ගැටුම උග්‍රඅතට....


මහ මැතිවරණයක් ඉල්ලා රැලි පැවැත්වීම පසෙකලා පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) ලැබුණු බලය වඩාත් ශත්කිමත් කර ගැනීමට අදාළ පළාත් පාලන ආයතන ශක්තිමත්ව පිහිටුවීමට වැඩි අවධානය යොමුකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් කරන ලද ඉල්ලීමකට එම පක්ෂයේ විරෝධයක් මතුව ඇති බැව පැවසේ.

මේ විරෝධය එල්ලවී ඇත්තේ කාලයක සිට ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් බැසිල් විරෝධය ගෙනගිය අයගෙන් බවද පැවසේ.

ඉකුත් ජයග්‍රහණය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම් හා සංවිධාන ශක්තිය ඉස්මතුවන කාරණාවක් බැවින් එය යටපත් කිරීමට මේ විරෝධය මතුව ඇති බවද වාර්තා වේ.

විරෝධය මතුකරන පිරිස පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට ද විරෝධය දක්වා තිබිණි.

එම මැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ ඡන්දය ඉල්ලීමට ද යෝජනා කළ මේ පිරිස පසුගිය කාලයේ ශ්‍රීලනිපය සමඟ ආණ්ඩු පිහිටුවීමද උත්සාහ කළේ අදාළ බැසිල් විරෝධය නිසා බව පැවසේ.

පළාත් පාලන මැතිවරණ සමයේදී පොහොට්ටුවේ පුවත්පත් සාකච්ඡාවකට හෝ සහභාගි නොවූ මේ පිරිස පොහොට්ටුව ජයගත් වහාම නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා අත්නොහැර පැමිණි බවද වාර්තා වේ.

මහ මැතිවරණයක් ඉල්ලමින් ක්‍රියාත්මක රැලි මාලාවේ පළමු රැලිය ලබන 07 වැනිදා නුගේගොඩදී පැවැත් වේ.

ඇයි බැසිල්ට විරුද්ද ?

බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය දැක්වීමට හේතුව ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධ ඊර්ශ්‍යාවදැයි අප බැසිල් විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ ජය සම්බන්ධයෙන් ඊර්ශ්‍යාවක් නොමැති බවත් ඇත්තේ ඔහු හිතුමතේ ගන්නා තනි තීන්දු නිසා ඒවායේ ප්‍රතිවිපාක කණ්ඩායමකට විඳීමට සිදුවීම සම්බන්ධ ගැටලුවක් බවත් ඔහු කියා සිටියේය.

කෙසේවුවද, රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම මෙන් ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීම යන කරුණුවලට ද බැසිල් මහතාගේ ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad