බෝම්බය ගෙනාවේ පුපුරවා ගන්න...!! දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනා මේජර්වරයා ගේ පාපොච්චාරනය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

බෝම්බය ගෙනාවේ පුපුරවා ගන්න...!! දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනා මේජර්වරයා ගේ පාපොච්චාරනය මෙන්න

යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක්  තුල පසුගියදා සිදුවුන පිපිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා.  අනතුරෙන් පසු බොම්මය රැගෙන ආ බවට සැක කල මේජර්වරයා බරපතල ලෙස තුවාල ලැබීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අසාර්ථක වී තිබුනා.
කෙසේ වෙතත්  පසුගිය 28 වනදා සිද්ධියට සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස මේජර්වරයාගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණා.
අදාල මේජර්වරයා සිදුකල පාපෝච්චාරණයට අනුව ඔහු  රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මෙලෙස බෝම්බය බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටියදී බස් රියෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ බසයෙන් බිමට වැටී බෝම්බය පුපුරා ගිය බවද මේජර්වරයා පාපෝච්චාරනය කර තිබනෙවා.
එසේම මෙම බෝම්බය 2015 වසරේදී  මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක තිබී සොයා ගත් බවත්, පසුව බෝම්බය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවත් පොලීසිය ඉදිරියේ ඔහු කියා තිබෙනවා.
නිවස ඉදිකිරීමට සහ වෑන් රථයක් ගැනීම සඳහා ඔහු විවිධ පුද්ගලයන් හට ණය වූ බවත් මේ වන විට රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් එම පිරිස් වෙත ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇති ඔහු සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුපද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිකර ඇති බව සඳහන්
තිදරු පියෙකු වන මේජර්වරයා මේ වන විට දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත,බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ  අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරිත් හල්පිටගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
nethnews

No comments:

Post a Comment

Post Bottom Ad