දියතලාවේ බස් බෝම්බය ගැන රනිල් කට අරී.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

දියතලාවේ බස් බෝම්බය ගැන රනිල් කට අරී....


යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය ගිනි ගත්තේ ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක් පුපරායාම නිසා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ ගැන අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසුවේය.
‘‘දියතලාවේ බස් රථයක පිපිරීමක් වෙලා තියෙනවා. මේ ගැන මම යුද හමුදාපතිවරයාට කතා කරලා විමසුවා. ග්‍රෙනෙඩ් වර්ගයේ බෝම්බයක් පුපුරායාමෙන් මෙම සිදුවීම වී ඇති බව තමයි හමුදාපතිවරා පැවසුවේ’’
මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමැති සාගල රත්නායකද අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ ග්‍රෙනේඩ් බෝම්බ පිපිරිම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂණයක් ආරම්භ කර ඇති බවය. රස පරීක්ෂක වාර්තාවෙන් පසුව වැඩිදුර කරුණු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad