මුණගම කාන්තා ඝාතනයට ඇල්ලූ රොටියා රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

මුණගම කාන්තා ඝාතනයට ඇල්ලූ රොටියා රිමාන්ඩ්

feature-top
හොරණ , මුණගම , ඕවිටියගල රබර් ඉඩමක වළ දමා තිබියදි ගොඩගත් රත්නායක මුදියන්සේලාගේ කුසුමාවති ( 59 ) නැමති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබා දුන් පාණදුර මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදිර මහතා ශරිර කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා දෙන ලෙස 19 දා හොරණ පොලිසියට නියෝග කළේය .
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
මෙම කාන්තාව පසුගිය 02 දා රැකියාවට ගොස් හොරණ , මුණගම , වවුලුගල නිවසට පැමිණ නිදා ගැනිමට ඇගේ සහෝදරයාගේ නිවසට යන බව පවසා ගොස් ඇති අතර ආපසු පැමිණ නොතිබිණි . 08 වන දින නිවැසියන්ට ඇය රැකියාව කළ වෙළද ආයතනයෙන් ඇගේ නොපැමිණිම පිළිබද ලද විදුලි පුවත අනුව ඔවුන් විසින් සොයා බැලිමේදි පසු දින අලුයම 4.00 ට පමණ ආපසු ගිය බව එම නිවසින් පවසා තිබේ. මේ අනුව හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කෙරිණ . මරණය සම්බන්ධයෙන් ඇය සමග අනියම් ඇසුරක් පැවැත් වු හොරණ , මුණගම 32 හැවිරිදි රොෂාන් ප්‍රදිප් කුමාර විරසිංහ හෙවත් රොටියා නමින් හදුන්වන තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාර්තු 02 දින දක්වා බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad