බොරැල්ලේ වෙඩි තැබීමට මධූෂ්ගේ කල්ලියේ සම්බන්ධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

බොරැල්ලේ වෙඩි තැබීමට මධූෂ්ගේ කල්ලියේ සම්බන්ධයක්

feature-top
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අසිත කුමාර නමැත්තෙකි.

මෙම තැනැත්තා ඥාති සහෝදරියක් සමග රාජගිරියේ සිට බොරැල්ල දෙසට යමින් සිටියදී යතුරු පැදියකින් ඔහු හඹා ආ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ බොරැල්ල කොටාපාර දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ රාත්‍රී 7.00 ට පමණය.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි දෙදෙනා සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ සිටි අතර ඔවුන් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙම ප්‍රහාරයෙන් රියදුරු අසුනේ සිටි පුද්ගලයාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර අවට සිටි පිරිස් ඔහු ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

දකුණේ පාතාල සාමාජිකයෙකු වන මාතර මධූෂ් නමැත්තාගේ ගෝලයෙකු මීට වසරකට ඉහතදී රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම ඝාතනයට සැකපිට මෙම තුවාල ලැබූ තැනැත්තා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට මීට සති කිහිපයකට පෙර ඇප මත නිදහස්ව පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ඝාතනයට පළිගැනීම සඳහා මධූෂ්ගේ කල්ලිය මෙම වෙඩි තැබී සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.


(under the courtesy of srilankamirror.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad