"රජරට රැජින" දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

"රජරට රැජින" දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50යි

feature-top
"රජරට රැජින" දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50ක් සපිරීම නිමිත්තෙන් එහි විශේෂ දුම්රිය මැදිරියක් සහිතව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වව්නියාව දුම්රිය ස්ථානය දක්වා මෙම විශේෂ මැදිරිය සහිත දුම්රිය ධාවනය කෙරේ.

මෙම දුම්රිය 1968.02.26 වැනි දින පළමු දුම්රිය ධාවනය සිදු කර තිබෙන අතර දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් වැඩසටහන සංවිධානර ක තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවතින රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව යටතේ මෙම මැදිරිය නවීකරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad