රථවාහන පොලිස් නිලධාරියා ජනප්‍රිය පාසලක් ඉදිරිපිට සිට සිසුවියක් ඩැහැගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

රථවාහන පොලිස් නිලධාරියා ජනප්‍රිය පාසලක් ඉදිරිපිට සිට සිසුවියක් ඩැහැගෙන

feature-top

ජනප්‍රිය පාසලක් ඉදිරිපිට සිටි රථවාහන පොලිස් නිලධාරියෙක් (හයිවේ ට්‍රැෆික්) අදාළ පාසලට පැමිණෙමින් සිටි සිසුවියක් නවතා පොලිස් රථවාහන අංශයේ කාමරයට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පොළොන්නරුව නගරයෙන් වාර්තා වුණා.

වයස අවුරුදු 15ත් 16ත් අතර පසුවූ එම සිසුවියව මෙම නිලධාරියා විසින් පොලිස් රථවාහන අංශයේ කාමරයට රැගෙන ගොස් ඇයට ජංගම දුරකතනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇයව සිප ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව සිසුවියව මුදා හැර ඇති අතර ඇය යළි පාසල වෙත ගොස් ගුරුවරියකට මේ බව පැවසීමත් සමග සිහිසුන් වී තිබෙනවා.

පසුව පාසලේ ගුරුවරුන් සහ අදාළ සිසුවියගේ දෙමාපියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව චෝදනා ලත් පොලිස් රථවාහන අංශයේ නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 



(under the courtesy of nethnews.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad