වල් අලි ගහන කලාවැව් ඉස්මත්තේ මහ රෑ 10ටත් මිනිස්සු ළමයින්ව බෙඩ් ෂීට්වල ඔතාගෙන පොහොට්ටු රැස්වීම්වල… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

වල් අලි ගහන කලාවැව් ඉස්මත්තේ මහ රෑ 10ටත් මිනිස්සු ළමයින්ව බෙඩ් ෂීට්වල ඔතාගෙන පොහොට්ටු රැස්වීම්වල…

‘මේ රටේ ජන්දයකට මෑත කාලයේ මිනිස්සුන්ගේ මෙච්චර උනන්දුවක් තිබුනේ නෑ. මතක ඇති කාලෙක මෙහෙම ජන්ද උනන්දුවක් තිබුන නම් ඒ1994 දී UNP එකේ 17 වසරක පාලනය පාලනය පරද්දන්න මිනිස්සුන්ගේ තිබුන උනන්දුව. ඒ විතරක් නොවෙයි අද ජනමාධ්‍යවල කියන දේ මිනිස්සුන්ට විශ්වාස නෑ. 

රටට මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දී යූඇන්පී, ශ්‍රී ලංකා, ජේවීපී තුන්ගොල්ලොම පිස්සු කියවනවා. මිනිස්සුන්ට අද තමන්ගේ ඇහැටම දැකල, තමන්ගේ කන් දෙකටම අහල ඇත්ත දැන ගන්න උවමනායි’ යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ කිහිපයක රැස්වීම් අමතමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කලාවැව අවට පිහිටි පලාගල ප්‍රදේශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රදේශය ලෙස සැලකෙන අතර නිතර වල් අලි ප්‍රහාරයන්ට ගොදුරු වේ.

දානියගම ප්‍රදේශයේ පැවති රැස්වීමේ දී ඒ මහතා මෙසේද පැවසීය.

“පෙර රැස්වීම තිබුනේ ගල්කිරියාගම. මම මෙතනට එන්න ඉස්සෙල්ල සංවිධායක මහත්තයට කතා කරලා ඇහුව දැන් රෑ 10 ටත් කිට්ටුයි නේද, වල් අලිත් එන නිසා රැස්වීම ඉවර කරලා මිනිස්සුන්ට ගෙදර යන්න කියන්න කියල. එතුමා කිව්වා සර් මිනිස්සු යන්නේ නෑ. කීයට හරි එන්න කියල. එත් මම හිතුව මිනිස්සු ඉන්න එකක් නෑ කියල. පුදුමයි මෙතන ළමයින්ව නිදි කරලා බෙඩ් ෂීට්වල ඔතාගෙන තියාගෙන ඉන්න අම්මල 25ක් විතර ඉන්නවා.

කොට්ටාශේ ජන්ද තියෙන්නේ එක්දහස් අටසීයයි මෙතනම 1000කට වැඩියි. රට ගැන තියෙන කැක්කුමට, රටේ ඇත්තටම වෙන්න මොකද කියල දැන ගන්න නේද මේ මිනිස්සු වල් අලි ගහන මහ රෑ ඇවිල්ල ඉන්නේ. යූඇන්පී, ශ්‍රී ලංකා රැස්වීම් අවසානේ සංගීත සංදර්ශනයක් තියෙනවා කියල තමයි මිනිස්සු ටිකක් ගෙන්න ගන්නේ. ඒ මොකද රැස්වීම අන්තිම වෙනකොට 25-30 ඉතිරි වෙන්නේ නෑ. මේ මිනිස්සු ඇවිත් ඉන්නේ සංගීත අහන්නද? නෑ. මේ පරයෝ ටික අන්තිම අවුරුදු 3ට රටට කරපු විනාසේ අහන්න”

No comments:

Post a Comment

Post Bottom Ad