රාජපක්‍ෂ පවුල බදාදා බ්‍රෙක්ෆස්ට් ගත්තේ එකට.. රාජ පාලනයේ තින්දු තීරණ ගත්තේ එහිදීයි… අලූත් නීති හදලා හොරු එලවනවා..- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

රාජපක්‍ෂ පවුල බදාදා බ්‍රෙක්ෆස්ට් ගත්තේ එකට.. රාජ පාලනයේ තින්දු තීරණ ගත්තේ එහිදීයි… අලූත් නීති හදලා හොරු එලවනවා..- ජනපති

වංචා දූෂණ කළ අය සම්බන්දයෙන් වන විමර්ශනයන්හි ප්‍රතිඵල එන සතියේදී ජනතාවට දැනගත හැකි වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටුනායක ජන රැළිය අමතමිනි. රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය වූයේ පවුල් වාදය නිසා බවත් තමන් ශ‍්‍රිලනිපයේ නායකත්වයට පත් වූ පසු පවුල්වාදයට ඉඩ නැති නිසා ඔහුන් වෙනම පක්‍ෂයක් හැදු බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

ඔවුන්ගේ උත්සාහය තනි පවුලක පවුල් වාදය සමගින් යලි ආණ්ඩුවක් හදන්න බවත් ජනාධිපතිවරයා සදහන් කලේය. 2013 වසරේ පටන් සෑම සතියකම බදාදා රාජපක්ෂ පවුලේ අය පමණක් එකට වාඩිවී උදෑසන ආහාරය ගන්නා බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දු, ආර්ථික කරුණු තීන්දු කරනු ලැබුවේ එහිදී බවත් ජනාදිපතිවරයා හෙලි කලේය.

ජී.එල්. පීරිස්ගේ නව පක්‍ෂය අරඹා ඇත්තේ එවන් ක‍්‍රමයක් ගෙන ඒම සදහා බවද කී ජනාධිපතිවරයා අලුත් නීති සකස් කර තියෙන නීති සංශෝධනය කර දුෂිතයන්ට දඬුවම් දෙන බවද සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad