මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙට මැදිවූ පන්නිපිටිය ධර්මපාල විදුහල්පති ගැබිණි මවකට දුන් රැග් එක (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 21, 2018

මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙට මැදිවූ පන්නිපිටිය ධර්මපාල විදුහල්පති ගැබිණි මවකට දුන් රැග් එක (video)


මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ
පන්නිපිටිය ධර්මපාල විදුහල්පති
ගැබිණි මවකට දුන් රැග් එක (video)


තම දරුවා පාසලට ඇතුළත් කිරීමට යාමේදී පාසල් පරිපාලනයෙන් ඇතිවූ දෝෂයක් නිවැරදිකරවාගැනීම සම්බන්ධ කථාකරන්නට ගිය ගර්භණි මාතාවක් කථා කිරීමේ ‘ටෝන් එක‘ හරිමදියයි තීරණය කර තෙවතාවක් රස්තියාදු කර යවා සිව්වන වතාවටත් හරවා යැවූ සිදුවීමක් පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයෙන් වාර්තාවේ.
මෙම කාන්තාවගේ දරුවා පාසලට දමාගැනීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා තිබුණ අතර ගණනය කිරීමේ දෝෂයක් නිසා ලකුණු අඩු යයි පාසලින් නම් කර නම ඉවත්කර තිබුණි. පසුව ඇය එම දෝෂය පෙන්වාදීමට අවස්ථා ගණනාවකදී පාසලට ගියත් හැමවිටම රස්තියාදු කර තිබෙන අතර
දේශපාලනඥයෙකු ලවාද විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර අවසානයේ ඇය ඔහු හමුවූ අවස්ථාවේ වැරැද්ද ගැන විදුහල්පතිවරයා පිළිගත්තත් එය සකස් කිරීම හිතාමතා ප්‍රමාද කර තිබෙන්නේ ඇය දෝෂාරෝපණ ස්වරූපයෙන් ඔහු අමතන එක සුදුසු නැති බව දන්වමිනි. එම අවස්ථාවේම දරුවාගේ ප්‍රශ්නය විසඳාලිය හැකි වුවත්

තවත් සතියකින් දරුවකු බිහිකරන්නට සූදානමින් සිටි ගැභිණි මාතාව කෙරෙහි කරුණාවක් නොදක්වා ලබන සතියේ නැවත එන්නැයි ඇයව ඔහු හරවා යවන්නේය.
පාසල පැත්තෙන් දරුවාට අසාධාරණයක්  බව හොඳහැටි දැනගෙන එය නිවැරදි කරන්නේ නැතිව මවට වදයක් දෙන්නට තීරණය කරන මෙම විදුහල්පතිවරයා කාන්තාවගේ ඇවිටිලි හමුවේ නම්‍යශීලී නොවී ඕනනම් නඩු යන්න ඕනනම් මීඩියා වලට දාන්න ලෙස වහසිබස්ද දොඩවන්නේය.
මෙම විදුහල්පතිවරයා යනු වෙනත් කිසිවෙකු නොව මින් ඉහත 2016 මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ කොළඹ මහානාම විද්‍යාලයේ ‘ගුරුවරියක සමග පැනයාමක්‘ නිසා කතාබහට ලක්වූ ප්‍රසන්න උප ශාන්තයි.

2016 අප්‍රේල් මසදී විවාහක ගුරුවරියක දරුවාද සමග රැගෙන ගොස් වෙනම ජීවත්වීමේ අපකීර්තිමත් සිද්ධියකට සම්බන්ධවූ නිසා කොළඹ මහානාම විදුහලේ විදුහල්පතිවරයාව සිට  ප‍්‍රසන්න උප ශාන්ත ට

එම පාසලින් ඉවත්වන්නට සිදුවූ අතර  බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
එකී සිද්ධියට සම්බන්ධ ජාතික රූපවාහිනී නිවේදකයෙකුගේ රූමත් බිරියවූ ගුරුවරිය ද එම පාසලෙන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබුණි. දෙදරු පියකු වන ප‍්‍රසන්න උපශාන්ත මහතා 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.මෙම විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියගේ සැමියා ඒ දිනවල පොලිසියට පැමිණිල්ලක් ද කරනු ලැබූ අතර  මෙම අනියම් ඇසුර පුද්ගලික එකක් වුවත් පාසලක් පරිපාලනය කරන කෙනෙකු සිදු කළ වැරදි පූර්වාදර්ශයක් බවට චෝදනා නැගී ජනමාධ්‍යයෙන් ගුරු සංගම් වලින් හා පාසලේ ආදි ශිෂ්‍යයින්ගෙන්ද මේ ගැන විවේචන එල්ල විය.එම සිදුවීම් වලින් පසුව විදුහල්පතිවරයාව අනුයුක්ත කර තිබෙන්නේ පන්නිපිටිය ධර්මපාලයටයි.

පහත පළවන්නේ ගැභිණි මව සිය ප්‍රශ්නය කථාන අතර රහසින් පටිගත කරගෙන මාධ්‍ය වෙත මුදාහැර තිබුණ වීඩියෝවයි.

No comments:

Post a Comment

Post Bottom Ad