වික්ටර් රත්නායකට යළිත් පිය වරම්?(PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

වික්ටර් රත්නායකට යළිත් පිය වරම්?(PHOTO)

වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා.

කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වූයේ , තංගල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. සිදුවීම සම්බන්ධයෙන් හෂිනි රත්නායක අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඇය තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

මේ අතර හෂිනි – වික්ටර් යුවළ පිළිබදව තවත් අපූරු කතා පුවතක් පැතිර යනවා. එනම් වික්ටර් රත්නායකට නැවතත් පිය වරම් ලබා දෙමින් හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවටයි. මින්පෙර හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද බලාපොරොත්තු තිබෙන බවයි.

මෙම නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවට පැතිරෙන කතා පුවත සත්‍ය විය හැකි බවට සමාජජාලා වලද අදහස් පළව තිබුණා, හෂිනි රත්නායක අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප වලින් මේ බව පැහැදිලි වන බවත් සමාජජාලා වල අදහස් පළව තිබුණා. කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුව නැහැ. 

හෂිනි රත්නායක බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප පහතින්,






………………………….breakingnews.lk ඇසුරෙනි……………………

No comments:

Post a Comment

Post Bottom Ad