SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

මොරටුවේදී පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

“හාකබෝන් ගාලා හරි මේ දෙන්නා අලවනවා. මේ දෙන්නා කසාද බැන්දේ 2015  ජනවාරි 8 වැනිදා. තාම යන්නේ හනිමූන් එක. එහෙම වෙන් වෙන්න දෙන්න බෑ. මේ වගේ ජනපති කෙනෙක්. මේ වගේ අගමැති කෙනෙක් අපිට ආයේ හම්බවෙනවා කියලා හිතන්න එපා. ජනාධිපතිරයා තම විධායක බලතල අඩුකර ගත්තා. තම වියදම් කොච්චර අඩුකර ගත්තද?  ඒව‍ගේම මේක හොරකම් මැරකම් නැත්තටම නැති ආණ්ඩුවක් කියලා මම කවදාවක් කියෙන්නේ නෑ. හොරු කවදාවක් මේ ලෝකේ නැතිව යන්නේ නෑ.

හොරකම් අවම කරන, හොරු අල්ලන, හොරුන්ට එරෙහිව කොමිෂන් තියෙන ආංණ්ඩුවක් අපිට ඕන. ඒ කාලේ ජනපතිවරයා ෆයිල් හැංගුවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න. ඒ දෙකටම දෙන්න  බැරිනම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා හොරකම් නොකරන අය. එ අයට ඡන්දය දෙන්න. මෙන්න වැන්දා අර පෝරිසාදයාට නම් ආයේ එන්න දෙන්න එපා. ලංකාවේ ජනතාව දේශපාලකයන්ගෙන් ප්‍රශ්න අහනකම් මේ රට හදන්න බෑ.”

No comments:

Post a Comment

Post Bottom Ad