මුස්ලිම් - හින්දු අර්බුද මතු කළ ‘පද්මාවත්‘ චිත්‍රපටය අවසානයේ ප්‍රදර්ශනයට දින යොදාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

මුස්ලිම් - හින්දු අර්බුද මතු කළ ‘පද්මාවත්‘ චිත්‍රපටය අවසානයේ ප්‍රදර්ශනයට දින යොදාගනී


හින්දු ජාතිකයන්ගේ විරෝධතා නිසා ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක් හටගත් පද්මාවත් චිත්‍රපටය ලබන සතියේ තිරගත කරන්නට දින යොදාගෙන තිබේ. පුරාවෘත්ත හින්දු රැජිනක් අනුසාරයෙන් සන්ජේ ලීලා බන්සාලි විසින් නිරිමාණය කරන ලද එම චිත්‍රපටයට හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධීතා එල්ල විය. එම විරෝධතා මාස ගණනක් පැවැති අතර ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය.

පසුගිය දෙසැමිබර් මාසයේදී මෙම චිත්‍රපටය තිරගත විමට නියමිතව තිබූ අතර විරෝධතා හේතුවෙන් කල් දැමිණි.  දහතුන්වන සහ දහහතර වන සියවස්වල සිටි මුස්ලිම් අධිරාජ්‍යයකු වන අලාවුදින් කිල්ජි සහ හින්දු රැජිනක අතර ඇතිවන ප්‍රේම වෘතාන්තයක් පදනමි කරගනිමින් චිත්‍රපටය නිර්මාණය විය. පද්මාවතී රැජින පුරාවෘත්ත චරිතයක් යැයි ඉතිහාසඥයන් පැවසුවද හින්දු ජාතිකවාදින්ගෙන් චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල විය. චිත්‍රපටිය ඓතිහාසික කරුණු වෙනස් කර ඇතැයි ද හින්දු ජාතිකවාදී දේශපාලනඥයෝ, චෝදනා කළහ.

චිත්‍රපටය ලබන 25 වැනිදා තිරගත විමට නියමිත බවත් පද්මාවතී නම "පද්මාවත්” යනුවෙන් වෙනස් කර ඇති බවත් එහි නිෂ්පාදකයෝ පවසති. ඊට අමතරව චිත්‍රපටයේ තවත් වෙනස්කමි පහක් සිදු කර ඇතැයි ද ඔවුහු කියති. පද්මාවති රැජිණට සියලු ගෞරව දක්වන බව සඳහන් කරමින් සඳුදා (15) දිනයේදී ඉන්දිය පුවත්පත්වල සමිපූර්ණ පිටුවක පුවත්පත් දැන්වීමක් පළ කිරීමට චිත්‍රපටයේ නිෂ්පාදකයන් කටයුතු කර තිබිණි. ඉන්දියාවේ විසූ ‘සුෆි” කවියකු වන මලික් මුහමිමද් ජයසිගේ කාව්‍ය නිර්මාණයක රාණි පද්මාවතී රැජිණ ගැන සඳහන් ව තිබේ. 

දහසය වැනි සියවසේදී ලියැවී ඇති එම කවිය පදනමි කරගනිමින් චිත්‍රපටය නිර්මාණය වී තිබේ. චිත්‍රපටයට මුල්ම වරට විරෝධතා එල්ල වූයේ 2017 වසරේ ජනවාරි මාසයේදීය. රාජස්ථාන් ප්‍රාන්තයේ රූ ගත කිරීමක් අතරතුරදී එලෙස විරෝධතා එල්ල වූ අතර ඉන් අනතුරු මුමිබායිහිද විරෝධතා එල්ල විය.  එම අවස්ථාවේදි චිත්‍රපටය රූ ගත කිරීම සඳහා භාවිත කිරීමට තිබූ ඇඳුම් ආයිත්තම ආදි බඩු භාණ්ඩ රැසකට විරෝධිතාකරුවෝ ගිනි තැබූහ. වෙනස්කමි සිදු කළ ද චිත්‍රපටයේ නම පද්මාවත් ලෙස වෙනස් කළ ද ඊට තවමත් විරෝධතා එල්ල වෙමින් තිබේ.

 චිත්‍රපට රාජස්ථාන්, ගුජරාටි සහ මධ්‍ය ප්‍රදේශ යන ප්‍රාන්තවල තිරගත නොවන බව ද එම ප්‍රාන්තවල ඇමැතිවරු පවසති. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන "පද්මාවතී’ ලෙස රංගනයෙන් දායක වන දිපිකාට පමණක් නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බන්සාලිට ද විරෝධතා එල්ල විය. විරෝධතා අතරවාරයේදි දිපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයකුට පවුමි මිලියනයක ( ඉන්දිය රුපියල් කෝටි 100 ක්) තැග්ගක් දෙනවා යැයි ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ඇතැමි හින්දු ජාතිකවාදී නායකයෝ කීහ.



No comments:

Post a Comment

Post Bottom Ad