දක්ෂතා තියෙද්දිත් ඉවත් වෙන්න වෙනවා – ජාතික කණ්ඩායමේ ප්ලේස් එකක් නැතිවුණු මට ඕක මොකක්ද? – ලසිත් මාලිංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

දක්ෂතා තියෙද්දිත් ඉවත් වෙන්න වෙනවා – ජාතික කණ්ඩායමේ ප්ලේස් එකක් නැතිවුණු මට ඕක මොකක්ද? – ලසිත් මාලිංග

පසුගියදා නිමා වූ IPL වෙන්දේසියේදී ලසිත් මාලිංග මිලදී නොගැනීම මේ වන විට ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ඒත් එක්කම බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ඉඩ ඇති බවටයි. මේ ඒ සියලු ප්‍රශ්නවලට මාලිංග දී ඇති පිළිතුරුයි

IPL වලදී මෙච්චර සේවයක් කරලත් ඔබව මිලදී ගත්තෙ නෑ. ඒ ගැන දුකක් නැද්ද.?
මට කිසිම දුකක් නෑ IPL නැති වුණාට. මම තමයි IPL වල වැඩිම කඩුලු ලාභියා. ගිය අවුරුද්දෙ රට වෙනුවෙන් වැඩිම විකට් අරගෙන ශ්‍රි ලංකා 20-20 කණ්ඩායමෙන් එකෙන් හැලුණු එකයි මට දුක. මම අවුරුදු 10 ක් IPL ක්‍රීඩා කළා. IPL එකට ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයන් එකතු කර ගන්නවා. එක කණ්ඩායමකට ක්‍රීඩා කරන්න පුළුවන් හතර දෙනයි. ඉතිං සමහර විට මගේ වයසත් එක්ක ඒගොල්ලො කල්පනා කරලා හිතන්න ඇති අලුතින් හොඳ ටීම් එකක හදනකොට ඒ හතර දෙනා අතරට මට ඇතුළත් වෙන්න බෑ කියලා. IPL කියන්නෙ ප්‍රැන්චයිස් ක්‍රිකට් එකක් විතරයි.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයිතිකරු ඔබගේ ළඟම හිතවතෙක් කියලා තමයි බොහෝ දෙනෙකු හඳුනාගෙන තියෙන්නෙ.

මෙවර IPL වෙන්දේසියේදී ඔබව හැලෙයි කියලා කලින් දැනගෙන හිටියද..?
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයිතිකරු මගේ ළඟම හිතවතෙක් කියන එක මම පිළි ගන්නෙ නෑ. මම කළේ එතන රස්සාවක්. මුම්බායි ඉන්දියන්ස් විතරක් නෙමෙයි ශ්‍රි ලංකා කණ්ඩායමෙන් වුණත් යම් කිසි කාලයකදී ඉවත් වෙන්න සිදුවෙනවා. ඒක සමහර වෙලාවට දක්ෂතා නැතුව ඉවත් වෙන්න වෙනවා..දක්ෂතා තියෙද්දිත් ඉවත් වෙන්න වෙනවා. ඒකට ක්‍රිඩකයෙක් විදිහට මම සූදානම් වෙලා හිටියෙ.

ඉදිරියේදී IPL කණ්ඩායමක උපදේශකවරයෙක් විදිහට ආරාධනාවක් ලැබුණොත් ඒක භාර ගන්නවද.?
මම සෙල්ලම් කරපු කාලයත්. මම ක්‍රීඩා කරපු තරගාවලි දිහා බැලුවාම මගේ අත්දැකීම් දිහා බැලුවාම මට ඒ වගේ දෙයක් කරන්න බයක් වෙන්න ඕනේ නෑ. ඒක නිසා මට ඒ වගේ දේකට බය නැතුව මුහුන දෙන්න පුලුවන්. මට තැන ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව ගැන විතරයි.

ඒ කියන්නෙ මාලිංග ක්‍රිකට් පිටියට සමුදෙයිද.?
දැන්ම ක්‍රිකට් වලින් සමු ගන්නෙ නෑ. මගේ සූදානම් රට වෙනුවෙන් 2019 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න. පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.  2019 දි බලන්න ඕනේ ඒක මොකද වෙන්නෙ කියලා.

දිගින් දිගටම ජාතික කණ්ඩායමෙන් සහ IPL වලිනුත් ඔබව ප්‍රතික්ෂේප වීම හරහා ඔබ ක්‍රීඩාවෙන් සමු නොගැනීම ඔබ හදාගත් පෞරුෂයට හානිවීමක් නොවේද.?
මම හදාගත්ත පෞරුෂය එහෙමම තියෙනවා. දිගින් දිගටම මාව ප්‍රතික්ෂේප කරන අයගෙ අතේ තමයි තියෙන්නෙ ඇයි එහෙම කරන්නෙ කියන එක. මම මාසෙකට කලින් ලංකාවේ හොඳම 20-20 පන්දු යවන්නා. ක්‍රිකට් ආයතනයෙන් මට සම්මානයක් දුන්නා. ලංකාවෙ පහුගිය වසරේ හොඳම 20-20 පන්දු යවන්නා එළියෙ තියනවා කියන්නෙ ඒක සාධාරණ නම් මම එතනින් එහාට මුකුත් කියන්නෙ නෑ. මොකද ක්‍රීඩකයෙක් විදිහට මට කරන්න පුළුවන් විකට් අරන් පෙන්නන එක විතරයි. ලංකාවේ වැඩිම විකට් අරන් පෙන්නුවට පස්සෙ එතනින් එහාට මට තව යන්න තැනක් නැහැ.

උපුටා ගැනීමකි.

No comments:

Post a Comment

Post Bottom Ad