අවුරුදු 22යි, ස්ටාක් වගේ වේගවත්, පන්දු රකින්නේ ජොන්ටි වගේ, බිග් බෑෂ් ලීගයත් හොල්ලයි - කොදෙව්වෙන් ඇවිත් එක දවසෙන් කෝටිපතියෙක් වූ ගොඩක් අය නොදන්න කවුද මේ ජොෆ්රා ආචර්..? (VIDEOS/PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

අවුරුදු 22යි, ස්ටාක් වගේ වේගවත්, පන්දු රකින්නේ ජොන්ටි වගේ, බිග් බෑෂ් ලීගයත් හොල්ලයි - කොදෙව්වෙන් ඇවිත් එක දවසෙන් කෝටිපතියෙක් වූ ගොඩක් අය නොදන්න කවුද මේ ජොෆ්රා ආචර්..? (VIDEOS/PHOTOS)

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.අයි පී එල් තරඟ ඉතිහාසයේ වැඩිම මුදලක් ක්‍රීඩකයන් අතර බෙදාදුන් අවස්ථාවද මෙය වූ අතර අයි පී එල් වල පතාක යොධයින් වෙලා හිටපු  ලසිත් මාලිංග වගේ ක්‍රීඩකයන්ට අවස්ථාව අහිමි වෙද්දි නොහිතපු ක්‍රීඩකයන් විශාල මිල ගණන් වලට අලෙවි වෙලා තිබුණා.
මේ කියන්න යන්නෙත් මේ පාර වෙන්දේසියේදී ඉහළම මිලක් හිමිවෙච්ච ක්‍රීඩකයෙක් ගැන..ඔහු තමයි ජොෆ්රා ආචර්.ජොෆ්රා මෙවර අයිපීඑල් වෙන්දේසියේදී රුපියල් කෝටි 7.2 ( ඇමරිකානු ඩොලර් මිලයන 1.125කට) රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම විසින් මිලට ගත්තා.
එක දවසින් මිලියනපතියෙකු වුණ ජොෆ්රා ගැන තවමත් ක්‍රිකට් ලෝකයේ ගොඩක් අය වැඩිය අහලා නෑ.කවුද මේ ජොෆ්රා ආචර්?

 
මිචෙල් ස්ටාක් වගේ පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන්න පුලුවන්,උසේන් බෝල්ට් වගේ ක්‍රීඩා පිටියේදී වේගවත්, ඉතා හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුලුවන් ජොෆ්රා තුන් ඉරියව්වෙන්ම දස්කම් පෙන්වන වැඩකාරයෙක් විදියට මුලින්ම කරළියට එන්නේ එංගලන්ත ප්‍රාන්ත (කවුන්ටි) ක්‍රිකට් තරඟාවලියෙන්. එහිදී සසෙක්ස් පිල නියොජනය කළ ජොෆ්රා  2016 ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය නිමා කරන්නේ දෙවන කොටසේ වැඩිම කඩුලු ලාභියා වෙලා.
‘සසෙක්ස් පිලට ක්‍රඩා කරන විටත් මම ඔහු දිහා බලාගෙන සිටියේ,දැන් ඔහු බිග් බෑෂ්  ක්‍රීඩා කරනවා මේ පොඩි එකා සුවිශේෂි ක්‍රීඩකයෙකු වෙන්නයි යන්නේ‘ ජොෆ්රා ගැන මෙහෙම කියන්නේ දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්. ඒ විතරක් නෙමෙයි ජොෆ්රාට එංගලන්තයේ ක්‍රිකට් වලටද සුවිහේෂි යමක් කළ හැකි බව හිටපු එංගලන්ත සුපිරි  දඟ පන්දු යවන්නෙකු වූ ක ග්‍රෑම් ස්වාන්ද පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණා.



 
ජොෆ්රා ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙන්නේ මෙවර බිග් බෑෂ් තරඟාලියේ දක්වපු සුපිරි දස්කම් නිසා.මේ වන විට තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ගොඩේ ඉන්න ජොෆ්රා තරඟ 10කදී ලබාගෙන ඇති කඩුලු ගණන 15ක්.ඒ විරක් නෙමෙයි ජොෆ්රාගේ පන්දු රැකීම ගැනත් නොකියම බෑ.මේ දස්කම් නිසාම ඔහු නියොජනය කරන හොබාට් හරිකන්ස් කන්ඩායම අවසන් පූර්ව වටයත් සුදුකම් ලැබුවා විතරක් නෙමෙයි තවත් වසර දෙකකට ඔහු සමග ගිවිසුම් ගත වුණා..


1995 අප්‍රේල් 15 බාබෙඩෝස්හි උපත ලැබූ ජොෆ්රාගේ පියා එංගලන්ත ජාතිකයෙක්.නමුත් තම මව් රටේ හැඳී වැඩෙන ජොෆ්රා කොදෙව් වයස අවුරුදු 19 පහළ කණ්ඩායම තෙවරක්ම නියෝජනය කළා. පස්සේ එංගලන්තයට එන ජොෆ්රා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න බලාපොරත්තුවෙන් ඉන්නවා කියලයි කියන්නේ.
කොහොම වුණත් ජොෆ්රාට එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න තවත් අවුරුදු 5ක් බලන් ඉන්න වෙනවා.2012 වසරේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩාලය හදුන්වා දීපු නීති රිති මාලාව අනුව, 18 වන උපන්දිනයෙන් පස්සේ එංගලන්තයේ පදිංචියට ආපු ක්‍රීඩකයන්ට එරට ජාතික කන්ඩායම නියොජනය කරන්න නම් වසර 7ක පුරාවැසි කාලයක් සම්පූර්ණ කරන්න වෙනවාලු.
දැනට 22 හැවිරිදි වියේ පසුවන ජොෆ්රාට තව අවුරුදු 5ක් යද්දි අවුරුදු 27ක්.කොහොම වුණත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති අළු බඳුන තරඟාවලිය පරාජයෙන් පස්සේ එංගලන්තයේ අය ජොෆ්රා ගැන කතා කරන්න පටන් අරගෙන.ඕස්ට්‍රේලියානු තණතිලි වල ජොෆ්රා දක්වන දස්කම් එංගලන්ත ක්‍රීඩකයන්ට පෙන්නුම් කරන්න නොහැකිවීම ගැන ඔවුන් කතාවෙනවා
මෙවර අළු බඳුන තඟාවලියේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් වෙග පන්දු යවන්නන් වන ටොම් කුරාන්ට සහ ක්‍රෙග් ඕවර්ටොන්ට වඩා ජොෆ්රා ඉදිරියෙන් ඉන්නවා කියලා සසෙක්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරුත් පහුගිය දවසක කියලා තිබුණා.

බිග් බෑෂ් තරඟාවලියේදී ජොෆ්රා දැක්වූ දස්කම් පහතින් බලන්න පුළුවන්..







No comments:

Post a Comment

Post Bottom Ad