ජනපති ඡන්දෙට අනුරපුරෙන් වැඩ අල්ලයි! නිදහසේ ජන රැලිය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

ජනපති ඡන්දෙට අනුරපුරෙන් වැඩ අල්ලයි! නිදහසේ ජන රැලිය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන මංගල ජනරැලිය අද (10) පස්වරු 1.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.



ශ්‍රීලනිපය සහ එජනිස නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරුන්ගේ සහ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වේ. මෙම ජනරැලිය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ජනරැලියක් වන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන සන්ධානයේ අපේක්ෂකයන් සහ දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් සහභාගි කරවා ගනිමින් මෙම රැලිය පැවැත්වීම විශේෂත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රැලිය පැවැත්වීමට ප්‍රථම පෙරවරු කාලයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහසෑය වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්වීමේ කටයුතු ආරම්භ කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad