ඇමෙරිකාවට හා කැනඩාවට සුනාමි අනතුරු අැඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ඇමෙරිකාවට හා කැනඩාවට සුනාමි අනතුරු අැඟවීමක්


ඇමෙරිකාවට අද (23) ඇති වූ භු කම්පනය හේතුවෙන් එහි සුනාමි අනතුරු අඟවා තිබෙනවා. එරට වේලාවෙන් අද (23) අලුයම 4.31ට මෙම කම්පනය ඇති වු බවයි වාර්තා වන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3 ට පමණ බව සඳහන්.

කම්පනය රික්ටර් පරිමාණයේ 7.9ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙම භූ කම්පනය කැනාඩාවට වයඹ දෙසින් පිහිටි ඇලෙක්ෂා ප්‍රන්තයට ආසන්නේ සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඇලෙක්ෂා ප්‍රාන්තයට මෙන්ම කැනඩාවේ වෙරළාසන්න ප්‍රදේශවලට සුනාමි අනතුරු අඟවා ඇති බවයි ජාත්‍යන්තර සුනාමි මධ්‍යස්ථානය පවසන්නේ.

අදාළ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. වෙරළාසන්නව සිටින ජනතාව හැකි ඉක්මණින් ඉන් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසටත් ජාත්‍යන්තර සුනාමි මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. මෙම අවස්ථාවේ දී දේපළ ගැන නොසිතා තමන්ගේ ජීවිතයට මූලිකත්වය ලබාදී කටයුතු කරන ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවට දැණුවත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දුන්නා.

මේ අතර පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය සඳහන් කර තිබෙන්නේ අදාළ ප්‍රදේශයේ පසු කම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. මුහුදු පතුලේ කිලෝ මීටර 10ක් කැඹුරින් මෙම කම්පනය ඇති වූ බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad