හොරු ගැන කතා කළ පාර්ලිමේන්තුව ගුටි බැට ඇන ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

හොරු ගැන කතා කළ පාර්ලිමේන්තුව ගුටි බැට ඇන ගනී

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේ. ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත.

මේ සඳහා රෝහිණි කවිරත්න සහ තුසිතා විජයමාන්න යන මන්ත්‍රීවරියන් දෙදෙනාද එක්ව ඇති බව වාර්තා වේ.


මන්ත්‍රීවරුන්ට එළවා එළවා පහරදී "කවුද හොරා ... රනිල් හොරා ... " යැයි ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පාඨ කියද්දී " කවුද හොරා .. මහින්ද හොරා... " යැයි ආණ්ඩු පක්ෂයෙන් විරෝධතා පාඨ කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.

ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad